ශ්‍රී ලංකාව සාග් පදක්කම් 100 ඉක්මවයි !

ශ්‍රී ලංකාව සාග් පදක්කම් 100 ඉක්මවයි !

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල හෙවත් සාග් තරඟාවලියේ පදක්කම් සටහෙනේ සමස්ත පදක්කම් 100 සීමාව ඉක්මවා යාමට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (6) සමත්විය. මේ වනවිට ශ්‍රී ලංකාව රන් පදක්කම් 18 ක් දිනාගෙන පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ පසුවේ.

පළමු ස්ථානයේ පසුවෙන ඉන්දියාව රන් පදක්කම් 63 ක් සම සමස්ත පදක්කම් 132ක් ලබාගෙන සිටින අතර, දෙවැනි ස්ථානයේ පසුවෙන සත්කාරක නේපාලය රන් පදක්කම් 37ක් සමග සමස්ත පදක්කම් 103ක් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව තුන්වෙනි ස්ථානයේ රැඳෙමින් රන් පදක්කම් 18ක්, රිදී පදක්කම් 36ක් සහ ලෝකඩ පදක්කම් 56ක් ලබාගෙන සමස්ථ පදක්කම් 110ක් හිමිකරගෙන තිබේ. සිව්වැනි ස්ථානයේ පසුවෙන්නේ ප්‍රබල පාකිස්ථානයයි.

අද පැවති තරඟ වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා මීටර් 5000 රන් පදක්කම දිනාගැනීමට උදා කුඹුරලගේ සමත්වූ අතර, ඊයේ පැවති කාන්තා තුන්පිම්ම ඉසව්වේ රන් සහ රිදී පදක්කම් දෙක පිළිවෙලින් හෂිනි ප්‍රබෝධා සහ විදූෂා ලක්ෂානි විසින් දිනාගත්හ. කාන්තා මීටර් 400 දිල්ෂි මහීෂා විසින් රන් පදක්කම හිමිකරගත්හ.