අදින් නිමාවට පත්වන ශ්‍රි ලංකා කණ්ඩායම් පාකිස්තාන සංචාරයෙන් අනතුරුව එළැඹෙන ඕස්ට්‍රේලියා විස්සයි - 20 තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ නායනයා ලෙස නිත්‍ය නායක ලසිත් මාලිංග කටයුතු කරන බව ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු සභාපති මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කරන අසන්න ද මෙල් පවසයි.
කෙසේවෙතත් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ. " පකිස්තාන සංචාරයෙන් ඉවත් වුණු ක්‍රීඩකයන් 10 දෙනා අතරින් 3,4 පමණක් ඕස්ට්‍රේලියා සංචාරයට එක්වීමට හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් පාකිස්තානයට එරෙහි ශ්‍රි ලංකා කණ්ඩායම වාර්තා කළ ඓතිහාසික ජයග්‍රහණය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් පැවසු කළමණාකරු මෙල් , ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා කරන ආකාරය පිළිබඳ සතුටු වෙන බවද පැවසිය .
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසිය.
ඔහුගේ ඉනිම්වලින් මම දැකපු හොඳම ඉනිම් දෙකක් තමයි එක්දින තරගයේ ලබාගත් 130ත් විස්සයි -20 තරඟයේ ලබාගත් ලකුණු 50ත්. ඔහුගේ මේ රිද්මයය දිගටම පවත්වාගන්න පුළුවන් නම් මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු ශක්තියක්.
ඒ වගේම අපේ දඟ පන්දු යවන අංශයෙන් ගත්තොත් වනිඳු ඉතා වේගයෙන් දියුණු වෙනවා. සඳකැන් ටත් එක්තරා මට්ටමකින් ක්‍රීඩා කරන්න අවස්ථාවක් දීලා ඔහුට අවශ්‍ය විශ්වාසය දෙන්න පුළුවන් නම් අපේ දඟ පන්දු යවන අංශයට අනිත් කණ්ඩායම්වලට ලොකු අභියෝගයක් ලබාදෙන්න පුළුවන් කියලා මම හිතනවා" . යනුවෙනි.
මේ අතර ලබන වසරේ පැවැත්වන විස්සයි-20 ලෝක කුසලාක තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම පිළිබඳ පැනයකට පිළිතුරු මෙල් මහතා " ලෝක කුසලානයට පෙර අපිට තව තරඟ 18ක් විතර තියෙනවා. අවාසනාවන්ත විදියට අපිට සුදුසුකම් ලබාගැනීමේ වටයටත් ක්‍රීඩා කරන්න තියෙනවා.
ලෝක කුසලානයට හොඳින් මුහුණුදෙන්න ශක්තිමත් සංචිතයක් හදාගන්න අපි ඉදිරි තරඟ යොදාගන්න අවශ්‍යයි." යනුවෙන් සඳහන් කළ අතරම වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිපාලනය තම තේරීම් කටයුතු වෙනුවෙන් කිසිදු බලපෑමක් සිදුනොකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් ඉතා හොඳ සහයෝගයක් ලබාදෙන බවත් අවධාරණය කළේය.
More News
- පාකිස්ථානයට එන්න බැරි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඬුවම් දියයුතුයි - ජාවේඩ් මියැන්ඩාඩ්
- ලාංකේය ක්‍රිකට් වංශකතාවේ 'ස්ලිංගානියානු' යුගයක අවසානය!
- වසර 10කට පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි
- කොන්ද පණ ඇති කොල්ලෝ හෙට ‘පාකිස්ථානයට’ - ලක්ෂ ගණනින් සුබ පැතුම්
- ලංකාවේ ක්‍රීඩකයන් පාකිස්ථානයට නොයන්නේ ඉන්දියාවේ බලපෑමක් නිසාද?