පාකිස්ථානයට එන්න බැරි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඬුවම් දියයුතුයි - ජාවේඩ් මියැන්ඩාඩ්

පාකිස්ථානයට එන්න බැරි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දඬුවම් දියයුතුයි - ජාවේඩ් මියැන්ඩාඩ්

ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයට බොහොමයක් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සහභාගීනොවන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් එසේ කිරීමට හේතුව පාකිස්ථානයේ ආරක්ෂාව සම්බන්ධට ගැටළුවකට එහා ගිය සිදුවීමක් නිසා සංචාරය මගහරින ක්‍රීඩකයන්ට එරෙහිව දඬුවම් ක්‍රියාමාර්ග ගතයුතු බව පාකිස්ථානයේ හිටපු නායක ජාවේඩ් මියැන්ඩාඩ් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

"පාකිස්ථානයට ඇවිත් ක්‍රීඩා කරන්නේ ලංකාවේ මොන ක්‍රීඩකයන්ද කියන එක අපිට ගැළුවක් නෙවෙයි. මොකද අපි දන්නවා කව්රු ආවත් ඔවුන් තමන්ගේ උපරිමය කරලා ඉතා තියුණු තරඟාවලියක් බවට මේ තරඟාවලිය පත්කරන බව.ඒ වගේම පාකිස්ථානයත් තමන්ගේ උපරිමයෙන් ඒ වෙනුවෙන් මහන්සිවෙනවා"

එහෙත් ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ ලිහිල් සහ දියාරු පිළිවෙත සම්බන්ධයෙන් දැඩිලෙස විවේචනය කළ මියැන්ඩාඩ් පවසා සිටින්නේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම සහභාගීවිය යුතු අන්තර්ජාතික තරඟවලට සහභාගීවීම ප්‍රතික්ෂේපකර අධික මුදලක් ගෙවන විදෙස් ලීග් තරඟාවලිවලට ප්‍රමුඛත්වය ලබාදීම ඉතා බරපතල කාරණයක් බවත්, එවැනි ක්‍රීඩකයන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි පියවර ගතයුතු බවයි.

ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ මූලිකම යුතුකම සහ ප්‍රමුඛතාවය විය යුත්තේ ජාත්‍යන්තර තරඟවලට සහභාගීවීම මිස ලීග් තරඟ පස්සේ දිවීම නොවන බවද හෙතෙම සඳහන් කරයි. වසර හතලිහකට ආසන්න ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ කිසිකලෙක විදෙස් ක්‍රීඩකයන් අතින් ලංකාවේ ජාතික කණ්ඩායම මේ ලෙස විවේචනයට ලක් නොවූ අතර, මියැන්ඩාඩ්ගේ මෙම ප්‍රකාශය සාධාරණ ප්‍රකාශයක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකිට් ආයතනයට එල්ලකල අතුල් පහරක් බවට සැක නැත.

මේ ප්‍රකාශයට පදනම් වූයේ පාකිස්ථානු සංචාරය ප්‍රතික්ෂේපකල තිසර පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල විදෙස් ලීග් තරඟාවලියකට සහභාගීවීම සඳහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා සිටීමේ සිදුවීමත් සමගය.

More News