සංගක්කාරට ICC යේ ලොකු පුටුවක් ??

සංගක්කාරට ICC යේ ලොකු පුටුවක් ??

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිිිිිටපු නායක කුමාර සංගක්කාරට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හි ඉහළ තනතුරක ලබාදීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය මෙන්ම ඉන්දියානු ක්‍රීඩා වෙබ් අඩවියක්ද මේ පිළිබඳ වාර්තා කර තිබිණි.

"අපි බලාගෙන ඉන්නේ සංගක්කාර MCC ක්‍රීඩා සමාජයේ සභාපතිත්වය වෙනුවෙන් ඇතිකරගෙන තිබෙන ගිවිසුම අවසන් වෙන තෙක්. ඊට පස්සේ අපි බලාපොරොත්තුවෙනවා ඔහුගේ ක්‍රිකට් දැනුම සහ අත්දැකිම් ඒක්ක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සැලකිය යුතු ඉහළ තනතුරක් වෙනුවෙන් ඔහු යෝජනා කරන්න" මොහාන් ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

අදාල තනතුර ICC  යේ සභාපතිධූරය දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්නකල අවස්ථාවේ මොහාන් ද සිල්වා පවසා ඇත්තේ එම තනතුරට සංගක්කාර ඉතා සුදුසු බවත්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ICC සභාපති තනතුර සඳහා කිසිවෙක් කටයුතු කර නොමැති නිසා අදාල තනතුර සඳහා අවශ්‍යනම් සංගා යෝජනා කිරීමට ක්‍රිකට් ආයතනයට හැකියාව ඇති බවද පවසා ඇත. එසේම යම් හෙයකින් ඒම තනතුර සඳහා ඔහුව යෝජනා කරනු ලැබුවොත් ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් සියලුම දෙනා ඒ් සඳහා අවශ්‍ය සියලුම සහය ලබාදෙන බවද සඳහන් කරයි.

SLC සභාපති තනතුර?

මේ දක්වා සම්ප්‍රදාය පැවතුනේ ICC සභාපතිත්වය සඳහා යෝජනා කිරීම සිදුකරන්නේ යම් රටක ක්‍රිකට් ආයතනයේ සබාපතිවරයා වුනත් දැන් ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙලා. ඒ නිසා ක්‍රිකට් ආයතනයෙන් පිට සාමාජිකයෙක් ඒ සඳහා යොමුකරන්න දැන් හැකියාව තිබෙනවා.

දැනට ICC සභාපතිත්වය දරණ ශසන්ක් මනෝහර් එම තනතුර සඳහා පත්වන විට ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු නොකළ අතර පසුව අවස්ථා කිහිපයකදී ඔහු එම තනතුරට පත්කරනු ලැබීය. ඒ නිසා අවශ්‍යනම් සංගක්කාර ICC සභාපතිධූරයට පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරයටද පත්කිරීමේ හැකියාව පවතින බව පැහැදිලිය.

පාකිස්ථානයේ එෂාන් මනි ICC සභාපතිධූරයට පත්වෙද්දී ඔහු එරට ක්‍රිකට් ආයතනයේ සභාපතිධූරය නොදැරූ අතර, දැන් මනි ICC යේ මූල්‍ය කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි.

සංගාගේ කැමැත්ත

කෙසේ වෙතත් මේ වනවිට 42 හැවිරිදි වියේ පසුවන වමත් පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක් ලෙසද කටයුතු කල කුමාර සංගක්කාර මෙම තනතුර ලැබීම සඳහා තමන්ගේ කැමැත්තක් හෝ උනන්දුවක් නොමැති බව පවසා තිබුණි.

Screenshot 2020 05 10 09.36.39

තම පුද්ගලික ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම ප්‍රකාශ කර තිබිණි. පසුගිය සමයේ සිදුවූ ආකාරයෙන්ම ජාත්‍යන්තර වශයෙන් කීර්තිනාමයක් දිනාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාකාරීම ප්‍රතික්ෂේප කරන බව පැහැදිලිය.

මහේල ජයවර්ධන මෙන්ම කුමාර සංගක්කාරද අවස්ථා ගණනාවකදී ක්‍රිකට් ආයතනය විසින් සහ රජය විසින් සිදුකරන ලද යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීය. එයට ප්‍රධානතම හේතුව මෙරට ක්‍රීකට් ක්‍රීඩාවට ජරාජීර්ණ දේශපාලනයේ ඇති දරුණු බලපෑම බව සැකයක් නැත.