ඉන්දියාවට පහසු ජයක් : මාලිගේ ඔවර 4ට ලකුණු 41

ඉන්දියාවට පහසු ජයක් : මාලිගේ ඔවර 4ට ලකුණු 41

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉන්දෝර්හිදී ඊයේ (07) පැවැති දෙවැනි තරගයෙන් ඉන්දීය පිල කඩුලු 7 ක පහසු ජයක් ලැබීය.

ඉන්දීය පිල මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය.

ඉන්දීය පිල ලකුණු 143 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 17.3 කදී කඩුලු 3ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය

නායක ලසිත් මාලිංග යැවූ ඕවර හතරට ඉන්දීය පිතිකරුවෝ 41 ක් රැස්කිරීමට සමත් වූ අතර වනිඳු හසරංග, ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 30 කට කඩුලු දෙකක් දවාගැනීමට සමත් විය.

එමෙන්ම ජස්ප්‍රීට් බුම්රා ක්‍රියාත්මක කළ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දු තුනට වනිඳු හසරංග ගැසූ හතරේ පහර තුනත් සමඟ ශ්‍රී ලංකා පිලට ලකුණු 142 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.

ඉන්දීය නායක විරාට් කෝලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
දෙරට අතර තෙවැනි සහ අවසන් විස්සයි20 තරගය ලබන සිකුරාදා (10 වැනිදා) පූනේහිදී පැවැත්වේ.