විජේදාස ඇතුළු පස් දෙනෙක් එ.ජා.ප යෙන් පන්නයි - මන්ත්‍රීධූරත් අහෝසියි!

විජේදාස ඇතුළු පස් දෙනෙක් එ.ජා.ප යෙන් පන්නයි - මන්ත්‍රීධූරත් අහෝසියි!

එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකරමින් පක්ෂයේ පොදු මතයට එරෙහිව කටයුතු කරනු ලැබූ හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු 5 දෙනෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිකර පක්ෂයෙන් නෙරපීමට කටයුතු කර ඇති බව එ.ජා.ප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස්.බී නාවින්න, ආනන්ද අලුත්ගමගේ සහ අශෝක ප්‍රියන්ත යන සාමාජිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවනු ඇති අතර ඔවුන්ගේ මන්ත්‍රීධූරද අහිමි කිරීමට කටයුතු කිරීමට නියමිතය.

අදාල පක්ෂ සාමාජිකයන් පසුගිය වසරේ ඔක්තෝම්බර් මස සිදුවී දේශපාලන පෙරළියේදී ජනාධීපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ එක්වී ගොඩනගන ලද රජයට සහාය දීම සඳහා එක්වූ අතර ඉන්පසුව ඔවුන් එ.ජා.ප ය සමග එක්වී කටයුතු නොකරන ලදි. ඒ හේතුවෙන් ඔවුන් පක්ෂයේ විනය කඩකිරීම මත පදනම්ව ඔවුන්ගේ සාමාජිකත්වය අහිමිකරන ලද බව එ.ජා.ප මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

More News