ඔපරේෂන් CBK සඳහා වෙල්ගම සහ අර්ජුන එක්වෙයි !

ඔපරේෂන් CBK සඳහා වෙල්ගම සහ අර්ජුන එක්වෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ගොඩනැගීම සඳහා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග විසින් ආරම්භ කර ඇති දේශපාලන මෙහෙයුමට එක්වීමට හිටපු අමාත්‍ය ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම මෙන්ම අර්ජුන රණතුංග අමාත්‍යවරයා ද එකඟත්වය පලකර ඇති බව වාර්තාවේ.

ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඔවුන් දෙදෙනාම ඒ සම්බන්ධයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග දැනුවත් කර ඇති අතර ඇය දිවයිනට පැමිණි වහාම ඒ සම්බන්ධයෙන් අවසන් එකඟත්වයක් ඇතිකර ගැනීමට නියමිතය.

විදේශගතව සිටින චන්ද්‍රිකා පසුගිය සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියද එය දින කිහිපයකින් කල්දමා තිබිණ.

මේ අතර ශ්‍රී.ල.නි.ප උප සභාපති කුමාර වෙල්ගම පවසන්නේ, තමන් කිසි දිනක පොහොට්ටුව හෝ හංසයා යටතේ දේශපාලනය නොකරණ බවත්, හිටපු ජනාධිපතිනිය සමඟ ශ්‍රීලනිප ය ගොඩගැනීමේ සටන ඉදිරියට ගෙන යන බවත් ය.

''මගේ ගමේ මගේ පාක්ෂිකයෝ මට බල කරනවා මට පොහොට්ටුවට යන්න කියලා. එත් මම ගත්ත තීන්දුව වෙනස් කරන්න කැමති නැහැ.

ඒ තීන්දුවේ මම අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා, ඡන්දෙන් පස්සෙත් ඉන්නවා. මහජනතාව හිතයි අර ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහත්තයා වගේ මමත් පාක්ෂිකයෝ දම්මලා උපවාස කරවනවා මට පොහොට්ටුවට යන්න පාර කපා ගන්න කියලා.

මට එහෙම පාර කපා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ අය මගේ කැමත්ත ගන්න, මට තියෙන් ආදරයට එහෙම උපවාස කරනවා ඇරෙන්න ඒ සඳහා මගේ බලපෑමක් නැහැ.