මාලිමාවට කතිරේ ගහලා "2" අරයට බයනම් ‌මෙයාට ‌ගහන්න

මාලිමාවට කතිරේ ගහලා "2" අරයට බයනම් ‌මෙයාට ‌ගහන්න

මෙවර ඡන්ද පත්‍රිකාවේ දෙලොස් වෙනියට තිබෙන්නේ මාලිමාව බවත් ඒ් ඉස්සරහින් කතිරය ගසා ජාතික ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට ගන්නා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත ඒ් බව සඳහන් කලේ නොවැම්බර් 02දා ඇඹිලිපිටියේදී පැවැත්වූ ජාතික ජනබලවේගයේ ජන රැලියේදීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසිය. 

අපි කරන්නේ මොකක්ද? ගියා ඡන්ද පත්‍රිකාව ගත්තා දොලොස් වෙනියට තියෙන්නේ මාළිමාව ලකුණ, අපි ඒ් ඉස්සරහින් කතිරේ ගැහුවා. හැබැයි අපිට තියෙනවා ඡන්ද තුනක්, අනුර සහෝදරයාට ඡන්දේ දෙන අය වෙන තර්ක විතර්ක නැතුව කතිරේ ගහනවා මාළිමාව ඉස්සරහින්.

හැබැයි "අපිට ඡන්දයක් දෙන්න ඕනේ" හැබැයි දෙන ගමන්ම කල්පනා කරනවා ගෝඨා එයිද නැත්නම් පොඩ්ඩක් හරි මිස් වෙලා අරයා එයිද කියලා? එහෙම දෙගෙඩියාවන් තියෙන අය අඩු වැඩි වශයෙන් ඉන්නවා. අරයා පරද්දන්න ඕනේනම් මෙයාට ගහන්න. මෙයා පරද්දන්න ඕනේනම් අරයට ගහන්න.

අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි , අනුර සහෝදරයාට එක දීලා මාළිමාවට කතිරේ ගහලා, ඔය දෙක හරි තුන හරි කාට ගැහුවත් අපිට කමක් නැහැ.

රටට අද මේ ව්‍යාපාරය අවශ්‍යයි. මං දැක්කා කතාකරුවෙක් කියලා තියෙනවා, කලා කරුවගේ නම කියන්නේ නැහැ, ජාතික ජන බලවේගය තමයි මේ රට ගොඩගන්න තියෙන අවසාන ව්‍යාපාරය. වෙනත් ව්‍යාපාරයක් නැහැ.

More News