UK Guardian වෙබ් අඩවිය ‘ඊළාම් ප්‍රශ්නය” ඉවත් කරයි!

UK Guardian වෙබ් අඩවිය ‘ඊළාම් ප්‍රශ්නය” ඉවත් කරයි!

බ්‍රිතාන්‍ය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන The Guardian පුවත්පතට අයත් වෙබ් අඩවිය විසින් ශ්‍රී ලංකාව හඳුන්වන තවත් නමක් ලෙස ‘ඊළාම්’ යන්න හැඟවීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලිඛිතව විරෝධය පලකර තිබේ. එම වෙබ් අඩවියේ Travel Quiz එකක් තුලින් මෙලෙස ‘ඊළාම්’ යන්න ඉස්මතුකිරීමට උත්සහ දරා ඇතිබවට චෝදනා කර ඇත.

මෙම වෙබ් අඩවියේ කතුවරයාට ලිපියක් යවමින් මහකොමසාරිස්වරයා විරෝධතාවය පලකර ඇත්තේ ‘ඊළාම්’ යන්න ශ්‍රී ලංකාව හැඳින්වීමට භාවිතා කරන දේශීය නාමයක් නොවන බවත් ය. ඒ නිසා මෙය වැරදි සඳහන් කිරීමක් බැවින් ශ්‍රී ලංකා රජය එයට දැඩිසේ විරෝධය දක්වන බව සඳහන් කර තිබේ.

ඊළාම් යන්න එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් ශ්‍රී ලංකාව තුල පිහිටුවීමට උත්සහ කල වෙනම රාජ්‍ය හැඳින්වීමට භාවිතා කල අතර, එම සංවිධානයට දෙමළ ඊළාම් විමුක්ති කොටි යන්න යොදා තිබුණ් අදාල බෙදීම පදනම් කරගෙනය.

unnamed

කෙසේ නමුත් මෙකී වෙබ් අඩවිය තුල අදාල ‘ඊළාම් ප්‍රශ්නය’ සම්බන්ධයෙන් විවාදාත්මක තත්වයක් මතුවීමේදී ඇතැම් පාර්ශවයන් මෙය අතීතයේ ශ්‍රී ලංකාව හැඳින්වීමට ‘ඊළාම්’ යන්න භාවිතා කල බවට තර්ක කරනු දක්නට ලැබිණි.

මහකොමසාරිස්වරයාගේ අදාල විරෝධතාවයත් සමග අදාල වෙබ් අඩවිය විසින් එම ප්‍රශ්නය ඉවත්කරගෙන ඇතිබව වාර්තා වේ. ලංකාව තුල එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරී මට්ටමක නොමැතිවූවද බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක තවමත් එල්.ටී.ටී.ඊ හිතවාදීන් ක්‍රියාකාරීව පසුවේ.

Watch Now: >> ලොව ධනවත්ම නිල් චිත්‍රපට නිලියන් 10 දෙනා කව්ද? (වීඩියෝ)