තීන්දුව හරි අතට : දයා ‌ගෝඨාගේ රැලිය මග හරියි

තීන්දුව හරි අතට : දයා ‌ගෝඨාගේ රැලිය මග හරියි

'ශ්‍රි ලංකා ‌පොදුජන ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය පළකිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පඬුවස්නුවර ආසනයේ පැවති රැලියට එම ආසනයේ ශ්‍රීලනිප සංවිධායක දයාසිරි ජයසේකර සහභාගී වී නොමැත.

ඒ පොහොට්ටු පක්ෂයේ වේදිකාවට ගොඩවන ශ්‍රීලනිප සංවිධායකයින්ට ඉතාමත් සැලසුම් සහගතව දිගින් දිගටම හු කීම සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි.

මේ පිළිබඳ මාධ්‍ය විසින් නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකරගෙන් විමසා සිටියේ කුරුණෑගලදී ඔහුටද පාක්ෂිකයන් හූ ප්‍රහාර එල්ලකළහොත් කුමක් කරන්නේද යනුවෙන් ය. එයට පිළීතුරු දුන් දයාසිරි කියා සිටියේ තමන්ට හූ කිව්වොත් තමන්ගේ පාක්ෂික ගෝලබාලයින් කරබාගෙන සිටීවි යැයි තමන් නොසිතන බවය. ඒ නිසා එවැනි හූ ප්‍රහාරයන්ට තමන් බිය නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

යම් හෙයකින් මෙලෙස හූ තැබීම් පිටුපස සිටින්නේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ ගෝලබාලයින් නම් එම ප්‍රදේශවල පොහොට්ටුවේ නායකයින් විසින් අදාල නින්දිත ක්‍රියාවන් නතර කිරීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු බවද මහලේකම්වරයා පවසා ඇත.

කෙසේවුවද ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පදිංචිව සිටින්නේ හෙට්ටිපොල වන අතර ගෝඨාබය රාජපක්ෂගේ සහභාගිත්වයෙන් නොවැම්බර් 08දා හෙට්ටිපොල දී ශ්‍රීලනිප රැළියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. දිස්ත්‍රීක්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකයින් වෙත ඊට ආරාධනා කර තිබේ.

More News