රණවිරු ගායට පොහොට්ටුවෙන් උපරිම සැළකිළි : හමුදා සෙබළාගේ කකුළ කඩා දමයි

රණවිරු ගායට පොහොට්ටුවෙන් උපරිම සැළකිළි : හමුදා සෙබළාගේ කකුළ කඩා දමයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකවරයෙකු වන හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී සුමිත් රාජපක්ෂ අලව්ව ප්‍රදේශයේ රණවිරුවෙකුට වෙඩි තබා බිය වද්දා ඔහුගේ පාදයක් යකඩ පොලෙන් ගසා කඩා දමා ඇතැයි වාර්තා වේ.

වාර්තා වන ආකාරයට අලව්ව ප්‍රදේශයේ පදිංචි චමින්ද පත්මකුමාර නම් හිටපු හමුදා සෙබලෙකු හා හිටපු මන්ත්‍රීවරයාගේ පුත්‍රයා අතර බහින් බස් වීමක් ඇතිව ඇත.

ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ අහසට වෙඩි තබා බියවද්දා පහරදී තිබේ.

ඔහු සමග තවත් ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙක් පහර දීමට පැමිණි ඇති අතර පහරදීම නිසා හිටපු හමුදා සෙබළාගේ පාදය තැන් දෙපොළකින් අස්ථි බිදීමක් සිදුව ඇති බව රෝහල් ආරංචි මාර් පෙන්වා දෙයි.

පහර කෑමට ලක්වූ හිටපු යුද හමුදා සෙබලා මේ වනවිට කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටී