තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

තත්ත්වය වෙනස් වෙලා : සජිත් පෙරමුණේ !

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමත් සමඟ පොදුජන පෙරමුණ පාර්ශවය දැඩි අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඒ් පිළිබඳ ගාල්ල කරාපිටියේ පසුගියදා සංවිධානය කර තිබූ ජන හමුවෙන් පසුව පොදුජන පෙරමුණේ නායකයන් රාත්‍රී ආහාරය සඳහා රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේදී රැස්වූ අවස්ථාවේ සාකච්ඡා කොට තිබේ.

එහිදී ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කළත් මේ වන විට තත්ත්වය වෙනස්වී ඇති බවට වාර්තා වී ඇති බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ඊට හේතු වශයෙන් කාන්තා සනීපාරක්ෂක තුවා නොමිලේ දීම වැනි යෝජනාවක් සජිත් වෙතින් ඉදිරිපත් වනු ඇතැයි තමන් කිසිසේත් අපේක්ෂා නොකළ බවත් එය සමච්චලයට ලක්කරමින් ඊට තම පාර්ශවය ප්‍රතිචාර දැක්වූ ආකාරය වාඩාත් අවාසි සහගත වූ බවද සාකච්ඡාවට බඳුන්ව ඇත.

නොසිතූ ලෙස සජිත් ජනතා ආකර්ෂණය ලබා ගැනීම හරහා කරට කර සටනක් ලෙස තිබු මෙවර ජනාධිපතිවරණය දමිල පක්ෂ වල සහය සජිත්ට හිමිවීම හමුවේ තවත් පසුබාන තත්ත්වයක් උද්ගතව ඇති බව පෙන්වාදෙන දත්ත සටහන් කිහිපයක්ද එහිදී මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කල බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

More News