අලි ඝාතනය සුක්ෂමව කරපු එකක්

අලි ඝාතනය සුක්ෂමව කරපු එකක්

පසුගිය සැප්තැම්බර් 27 වන දින වනවිට දින දෙකක් ඇතුළත අලි ඇතුන් හත්දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

වනජීවි අධ්‍යක්ෂක ගොලු වෙලා

හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ පසුගිය සැප්තැම්බර් 27 වන දින වනවිට දින දෙකක් ඇතුළත අලි ඇතුන් හත්දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මගින් පසුගිය සැප්තැම්බර් 28 වන දින පොලිස්පතිතුමා, වනජීවී අධ්‍යක්ෂකතුමා වෙත ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා ලිපියක් යවා ඇතිමුත් මේ වන තෙක් කිසිදු පිළිතුරක් නොලැබී ඇත.

සූක්ෂම ඝාතනයක්

එමෙන්ම හබරණ හිරිවඩුන්න තුන්බිකුලම් ප්‍රදේශයේ සිදු වූ මෙම අලි ඇතුන් ඝාතනය සූක්ෂම සැලසුම් සහගත අපරාධයක් බවත් වස දුන්නේ නම් එයට හේතු ඝාතනය කලේ නම් එය කවුරුන්ද සිදු කලේ යන්න පිලිබදව සොයා බැලිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

ආහාර, ප්‍රජනනය යනාදී කරුණු හේතුකොටගෙන අලි ඇතුන් සංචරණය වන බවත් මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි වූ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් මෙම අලි මිනිස් ගැටුම් වර්ධනය වී ඇති තිබේ.

එමෙන්ම මෙය අලින්ගේ ගහනය අඩු කිරීමට ගන්නා ලද සාපරාධී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකිය.

ඉඩම් බහුජාතික සමාගම්වලට දීලා

පොලොන්නරුව , වැලිකන්ද , මාදුරුඔය හා සෝමාවතිය රක්ෂිතයන් තුල බහුජාතික සමාගම් වලට වගා කටයුතු හා සත්ව පාලන කටයුතු සදහා රජය මැදිහත් වීමෙන් යුතුව අක්කර දහස් ගණනින් ඉඩකඩම් ලබා දී ඇත.

ගෝඨාලා සත්තුන්ටත් යන එම මං නැතිකරාවි

එම හේතු කොට ගෙන අලින්ට තිබූ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් අලි මිනිස් ගැටුම් වර්ධනය වන අතර ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ පවසන පරිදි සිරිලක සිංගප්පූරුවක් කලහොත් ඉතිරි වන්නේ වන සතුන් ගහ කොල නොව කොන්ක්‍රීට් වනාන්තරයක් බවද එම සංවිධානය පවසා සිටී.

කාටවත් අදහසක් නැහැ

එමෙන්ම මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වි සිටින කිසිම අපේකෂකයෙකුට මෙම අලි මිනිස් ගැටුම පිලිබඳ සංවේදී උත්තර නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.