ජනතාවට උගත් මිනිස්සු වැඩක් නෑ : වියත් මගේ මතය ආණ්ඩුවේ මතය ‌නෙවෙයි

ජනතාවට උගත් මිනිස්සු වැඩක් නෑ : වියත් මගේ මතය ආණ්ඩුවේ මතය ‌නෙවෙයි

ජනතාව ඉල්ලා සිටින්නේ උගත් බුද්ධිමත් පුද්ගලයින්ව නොව හොඳ යහපත් පුද්ගලයින්ව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිණි.

ඉදිරි මහමැතිවරණය සඳහා අපේක්ෂකයින් වශයෙන් ගත් බුද්ධිමත් විද්වතුන් පාර්ලිමේන්තු යැවිය යුතු බවට "වියත් මග" සංවිධානය ගෙනයන ප්‍රචාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පවසා තිබේ.

"විශේෂයෙන්ම උගත් බුද්ධිමත් කියන තලයට වඩා රට ඉල්ලන්නෙ හොඳ , යහපත් මිනිස්සුන්ව බවද මන්ත්‍රීකම ව්‍යාපාර සඳහා යොදා නොගන්නා පිරිසක් අවශ්‍යව ඇති බවද ඔහුගේ මතය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සුසිල් ප්‍රේම්ජයන්ත අමාත්‍යවරයා පවසා ඇත්තේ "වියත් මගේ මතය ආණ්ඩුවේ මතය නොවන බවත් බුද්ධිමත් වීම සඳහා අධ්‍යාපනයත් එක පසුබිමක් බවත්ඒහෙත් එවැනි මතයකට කවුරුන් හෝ එළඹි නොමැති බවයි.

රටට බුද්ධිමතුන් උගතුන් අවශ්‍යය වන බවද එමෙන්ම පළපුරුද්ද තිබෙන සමාජයේ සෑම කොටසක්ම නියෝජනය කරන පිරිසත් පාර්ලිමේන්තුවට අවශ්‍යය බවද ඔහු පවසා තිබේ.