හිස්බුල්ලා සාෆි ගැන කතා කළොත් ‌කෝල් කරලා බනිනවා : බර ඇදපු අපි දැන් කුණු කූඩේ - මහාචාර්ය ජයසුමන(Video)

හිස්බුල්ලා සාෆි ගැන කතා කළොත් ‌කෝල් කරලා බනිනවා : බර ඇදපු අපි දැන් කුණු කූඩේ - මහාචාර්ය ජයසුමන(Video)

හිස්බුල්ලගේ විශ්ව විද්‍යාලය, සාෆිගේ ක්‍රියාදාමය සහ එහා බැඳිච්ච තවත් කාරණා කීපයක් පිලිබඳ තමන්ට කතා කාරීමට නොහැකි බවත් කතා කළත් දුරකථනයෙන් අමතා කළා නොකරන ලෙස දැනුම් දෙන බවත් මහචාර්ය චන්න ජයසුමන පවසයි.

ජනාධිපතිවරණය නිසාම ඒ් පිලිබඳ තමන්ට අදහස් දැක්වීමට නොහැකි බවත් එම නිසා ඒ් පිළිබඳ ගැන ඉස්සරහට හිතා බැලීමට සිදුවන බවත් ''ගෝඨාබය නාම යෝජනා දුන්නට පස්සෙ අපිව පැත්තකට දාල. දිනුවොත් අපිව කුණූ කූඩෙට තමා” යයි මහචාර්ය චන්න ජයසුමන වැඩිදුරටත් පෙන්වා දෙයි.

ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයක ආරාධිත දේශනයට එක්වෙමින් ඔහු ඒ් බව කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවැසීය.

''ඇත්තටම අපි අවුරුදු හතරක් තිස්සේ යම් කැපකිරීමක් කරා ජාතික ව්‍යාපාරය හැටියට එහෙම නැත්නම් අපේ මහා සංඝරත්නය පෙරටු කරගෙන අපි යම් අපේක්ෂකයෙක්ව ඉදිරියට ගෙන ඒම සඳහා. මම පෞද්ගලිකව හිතනවා ඒ කටයුත්තට අපිට සාර්තකව උරදෙන්න පුළුවන්කම ලැබුණා ,එ කටයුත්ත අපි ඉෂ්ඨ සිද්ධ කරා කියලා.

හැබැයි නාමයෝජනා දුන්නට පස්සේ දැන් අපේ වටිනාකමක් නැහැ. ඒක මම දැන්මම කියන්න ඕනේ. ඒ වගේම තමයි ජනාධිපතිවරණයෙන් පස්සේ දැනට තියෙන වටිනාකමත් නැති වෙයි කියලා තමයි මගේ පෞද්ගලික කල්පනාව.

දැන් හුඟ දෙනෙක් කියනවා 225 ම එපා දැන උගත් අලුත් පරපුරක් ඊළඟ මැතිවරණයකදී ගෙනෙන්නට ඕනැයි කියලා. ''දැනඋගත් පරපුරට නාමයෝජනා තියා දැන් ඉන්න කට්ටියටත් නාමයෝජනා දීගන්න බැරුවයි තියෙන්නේ''

අනිත් එක තමයි පස්සේ අපිට චෝදනාවක් එල්ලවෙන්න තියෙනවා අපි කඩාකප්පල් ක්‍රියාවක නිරත වුණා කියලා වගේ චෝදනාවකුත් එල්ලවෙන්න තියෙන නිසා අපිට අපේ කඳවුර ඇතුලෙන්ම. අන්න ඒ නිසා අපි සමහර දේවල් අමාරුවෙන්ම දරාගෙන ඉන්නවා.

හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ හිස්බුල්ලා ඉදිකරපු විශ්වවිද්‍යාලය හොඳයි කියලාවත් සාෆි මුකුත් කරේ නැහැ කියලාවත්. ඒ පිළිබඳ සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි කියන ස්ථාවරයේ අපි සිටිනවා. අද කවුරු කොහොම කිව්වත් ඒකෙන් අසාධාරණයට ලක්වෙච්ච මිනිස්සු, විශේෂයෙන්ම සිංහල ජනතාවට සාධාරණයක් ඉෂ්ටවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.''

කෙසේවෙතත් ‌දොස්තර සා‌ෆි සිද්ධිය පිටුපස සිටියේ මහාචාර්ය ජයසුමන බව අප මීට ‌ෙපෙරද අප ‌ෙවෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කළේය. 

More News