රනිල්ගේ ලඟම හිතවතෙක් ගෝඨාභයගේ සහයට..

රනිල්ගේ ලඟම හිතවතෙක් ගෝඨාභයගේ සහයට..

ඉදිරි දින කිහිපය ඇතුලත එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අගමැති රනිල් වික්‍රමසිංහගේ ලඟම හිතවතෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දීමට පැමිණෙන බවට පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.

එ.ජ.නි.ස ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින්ද මෙම පුවත මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී සඳහන් කරනු ලැබීය. ඒ අනුව නිශ්චිතවම අදාල මන්ත්‍රීවරයා ඉදිරියේදී ගෝඨාභයගේ සහයට පැමිණෙන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

මෙම මන්ත්‍රීවරයා එ.ජා.ප ය විසින් සජිත් ප්‍රේමදාස ජනාධිපතිධූර අපේක්ෂකයා බවට පත්කිරීමට එරෙහිව කලක පටන්ම අදහස් දක්වනු ලැබූ අයෙක්වන අතරම හෙතෙම රනිල් වික්‍රමසිංහගේ අතිශය පක්ෂපාතී හිතවතෙක් වන නමුත් මේ මොහොතේ සජිත්ට සහය දක්වන පිරිස සමග එකට කටයුතු කිරීමේ අපහසුතාවයක් නිසා මේ දිනවල මදක් නිහඬවම පසුවේ.

මින් පෙරද පොදුජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකදී එ.ජා.ප ය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පොදුජන පෙරමුණට සහය දැක්විමට පැමිණෙන බවට ප්‍රකාශ කෙරුණද නාම යෝජනා භාරදී සති දෙකක් ගතවී තිබුණත් තවමත් එම පිල්මාරුව සිදුවී නැති නිසා පොදුජන පෙරමුණේ මෙවැනි පුවත් වාර්තා හුදෙක් මැතිවරණ කටකතා පමණක් බව එ.ජා.ප මාධ්‍ය අංශය සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ සති තුනක පමණ කාලයක් නිසා ඉදිරි සති දෙක තුල මෙරට දේශපාලනයේ ප්‍රබල බල පෙරලියක් හෝ පිල් මාරුවක් වීමට ඉඩ ඇතිබවට සලකුණු දැනටමත් පෙනෙන්නට ඇත.

More News