Sunday Observer' මාධ්‍යවේදිනී අනුරංගිගෙන් CID ය ප්‍රශ්න කරයි

Sunday Observer' මාධ්‍යවේදිනී අනුරංගිගෙන් CID ය ප්‍රශ්න කරයි

ඒ් පැහැර ගැනීමට ලක්වුවායැයි පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රි ලාංකික කාන්තාවගේ සිද්ධිය සම්බන්ධයෙන් 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරිය වන (Associate News Editor)අනුරංගි ප්‍රියංවදා සිං (Anurangi Singh -Attorney at Law)පෙරේදා(10) රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

එම නඩු විභාගය ඊයේ දිනයේ යළිත් වරක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී රහස් පොලිසිය එබව සඳහන් කෙළේය.

දුරකථන විශ්ලේෂණ වාර්තා විශ්ලේෂණය කිරීමේදී අනාවරණය වූ කරුණු අනූව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රවෘත්ති සංස්කාරක ලෙසට කටයුතු කරන අනුරංගි සිං මහත්මියගේ ප්‍රකාශයක් ඊයේ (11) දින සටහන් කර ගත් බව ද ගිරිහාගම පවසා සිටියාය.

මෙහිදි රහස් පොලිසිය විසින් ගාර්නියා බැනිස්ටර්ගේ දුරකථනය සම්බන්ධ සංදේශය අධිකරණයට ගොනු කළ අතර රස පරීක්ෂක වාර්තා සම්බන්ධයෙන් නීතිපති හරහා ක්‍රියා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය රහස් පොලිසිය වෙත දැනුම් දුන්නේය.

එහිදී තම සේවාදායකයාගේ ජංගම දුරකථනයට අදාළ දුරකථන වාර්තා සංරක්ෂණය කරන ලෙසට ඩයලොග් සමාගමට නියෝගයක් නිකුත් කරන්නැයි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම හේතු සහිතව ඉදිරි දින ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විත්ති පාර්ශ්වයේ නීතිඥවරයාට උපදෙස් ලබා දුන්නාය.

මෙම සිද්ධියට අදාළව ඉකුත් 22 වන දින රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ප්‍රකාශ ද ලබා ගත් බවත් දුරකථන කුලුනු වාර්තා හා සම්බන්ධ විශ්ලේෂණ වාර්තා ඔස්සේ වැඩිදුර විමර්ශන පවත්වන බවත් රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ලක්මිණි ගිරිහාගම අධිකරණයට දැනුම් දුන්නාය.

මෙම සිද්ධියට අදාළව විමර්ශන සිදු කර මාර්තු මස 31 දා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන් අතර වැඩිදුර මහේස්ත්‍රාත් පරික්ෂණය මාර්තු මස 31 දා ට කල් තබන ලදී.