කොරෝනා වැරදි ප්‍රතිඵල 13ක් ගැන රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයෙන් ප්‍රකාශයක්

කොරෝනා වැරදි ප්‍රතිඵල 13ක් ගැන රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයෙන් ප්‍රකාශයක්

කොරෝනා ආසාදිතයින් ලෙස මේ වනවිටත් වැරදි ප්‍රතිඵල 13ක් නිකුත් කර ඇති බවත්, එම සියලු ප්‍රතිඵල නිකුත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිබාහිරව රසායනාගාර පරි්ක්ෂණ කරනු ලබන ආයතන විසින් බව රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කරයි.

මේ වනවිට කොරෝනා ආසාදිත රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරික්ෂාව වන PCR පරික්ෂාව සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතන 10 ක් සහ උසස් අධ්‍යාප අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ කොතලාවල ආරක්ෂක විශ්වවිදයාල වලට අයත් රසායානාගාර විසින්ය. මෙහිදී රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය විසින් චෝදනා කරන්නේ වැරදි ප්‍රතිඵල සියල්ලම නිකුතර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති රසායානාගාර මගින් බවය.

2020.05.02 වැනි දින ජනාධිපතිවරයාට ලිපියක් මගින්ද මේ පිළිබඳ දන්වා ඇති බව මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත. ඔවුන් පවසන්නේ මෙය සිතාමාතාම සිදුකරනු ලබන්නක් විය හැකි බැවින් මෙයට එරෙහිව පියවරක් නොගතහොත් ජනතාවට කොරෝනා රසායනාගාර ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇති විශ්වාසය බිඳීයාහැකි බවය.

එබැවින් මේ වනවිට රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති රසායනාගාර සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති රසායානාගාර අතර අනවශ්‍ය ගැටුමක් උද්ගතවී ඇති බවත්, රටතුල දරුණු වසංගත තත්වයක් පවතින අවස්ථාවක එම වසංගතය මර්දනය සඳහා මුඛ්‍ය කාර්යභාරයක් ඉටුකරගන රසායනාගාර ක්ෂේත්‍රය මෙලෙස පිල්බෙදී ගැටුම් ඇතිකරගැනීම කිසිසේත්ම අනුමත කලනොහැකි තත්වයකි.

ලංකාවේ රසායනාගාර පරීක්ෂණ සේවාව තුල කාලයක් තිස්සේ ක්‍රියාත්මකවන දරුණු මාෆියාවක් ඇති බව කලක පටන්ම විවිධ මාධ්‍ය ඔස්සේ හෙළිදරව්කර තිබූ නමුත් මෙවැනි මොහොතක අනවශ්‍ය ගැටුමක් ඇතිකරගැනීම කිසිසේත්ම සිදුවිය යුතු නැත. මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර මෙන්ම උසස් අධ්‍යාප අමාත්‍යංශය යටතේ ඇති රසායනාගාරද වෙහෙස නොබලා අසාදිතයන් හඳුනාගැනීමේ කටයුත්තේ නිරතවූ අතර මෙම ගැටුම ඇරඹෙන්නේ කොතැනින්ද යන්න රජය අවබෝධකරගත යුතුය.

IMG 20200507 WA0067