ලන්ඩනයෙන් ආ ලංකාවේ පිරිස නිරෝධායනයට සැප හෝටල්වලට - කාමරයක මිල දිනකට 40,000

ලන්ඩනයෙන් ආ ලංකාවේ පිරිස නිරෝධායනයට සැප හෝටල්වලට - කාමරයක මිල දිනකට 40,000

කොරෝනා වෛරසය හේතුවෙන් විවිධ රටවල්වල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ අද(04) බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණී ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩි පිරිසක් නිරෝධායනය සඳහා රජය විසින් පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලට ඇතුල්වනවා වෙනුවට මෙරට සුඛෝපභෝගී හෝටල්වල නවාතැන්ගෙන ඇති බවට වාර්තා වේ.

ඉන් සීමිත පිරිසක් පමණක් දියගම පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත්ව නිරෝධායන කටයුතු අද ආරම්භකල අතර, සෙසු පිරිස රජයේ මැදිහත්වීමෙන් සුඛෝපභෝගී හෝටල් කිහිපයක නිරෝධායනය සඳහා ඇතුලත්ව ඇත්තේ අදාල මුදල ඔවුන් විසින් දරණ බව ප්‍රකාශ කරමින්ය. මින් පෙර යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේ මෙලෙස සුඛෝපභෝගී නිරෝධායනයන් සඳහා හෝටල් කිහිපයක් විශේෂයෙන්ම සකස් කර ඇති බවත් නාමික පිරිවැයක් යටතේ අදාල පිරිසට ඒවායේ නිරෝධායන කාලය ගතකල හැකි බවය.

කෙසේ වෙතත් දැනගන්නට ලැබෙන ආකාරයට අදාල හෝටල්වල කාමරයක් සඳහා දිනකට රුපියල් 25000-40000 අතර පිරිවැයක් සහිතවන අතර එම හෝටල් තරු පන්තියේ හෝටල් වීම නිසා සුඛෝපභෝගී නිරෝධායන කටයුතු වෙනුවෙන් ඉතා ඉහළ පිරිවැයක් දරන්නට වන බවට සැකයක් නැත.

හමුදාපතිවරයා පවසන ආකාරයට මෙම හෝටලයක සුඛෝපභෝගී කාමරයක් රුපියල් 7,500 ක වැනි මුදලකට ලබාදීමට අදාල හෝටල් කළමණාකාරිත්වය ඉදිරිපත්වී ඇති බවත් එයින් අදාල හෝටල් හිමියන්ට ලාබයක් නොමැති බවද, ඔවුන් මේ මොහොතේ සේවයක් සැපයීම වෙනුවෙන් පමණක් මෙසේ සිදුකරනු ඇති බවයි.

කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු බොහෝ රටවල් මේ වනවිට නිරෝධායන කටයුතු සහ කොරෝනා ආසාධිතයින් සඳහා ප්‍රතිකාර කිරීම වෙනුවෙන් සම්මත ක්‍රමවේදයන් සහිත ස්ථාන රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් යටතේ සූදානම් කරන අතරම පුද්ගලයින්ගේ තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම අදාල නිරෝධායන මධ්‍යස්ථාන හෝ රෝහල්වලට ඇතුලත් කිරීම මගින් රෝග ව්‍යාප්තිය පාලනයට කටයුතු සිදුකර ඇත.

සබැඳි පුවත්