ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්න බෑ - දයාසිරි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පාවා දෙන්න බෑ - දයාසිරි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිවෙකුටත් පාවා දෙන්න ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.ඊයේ (3) සවස සෙංකඩගල මැතිවරණ කොට්ඨාසයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීම අමතමින් දයාසිරි ජයසේකර මේ බව පැවසීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු දයාසිරි ජයසේකර මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියල එකක් අටවා ගෙන සජිත් ප්‍රේමදාසට උදවු කරන්න චන්ද්‍රිකා මහත්මිය උත්සාහ කරනවා. එක්සත් ජාතික පක්ෂයට උදවු කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න පුළුවන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න අපි ඉන්නවා. අපි මේ පක්ෂය කාටවත් විකුණලා නෑ. අපි හරි තීන්දුව හරි අතට හරි වෙලාවට අර ගෙන තියෙන්නේ.

චන්ද්‍රකා මහත්මිය මම ගරු කරන නායිකාවක් නමුත් මේ කරන වැඩේ වැරදියි. මේ වැටිල තියෙන පක්ෂය තවදුරටත් කඩලා විනාශ කරලා දාන්න අපිට වුවමනාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියලා සංවිධානයක් අටවා ගෙන මේ කරන්නේ පක්ෂයට බරපතළ හානියක්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නේ නෑ.

කට්ටියක් කිව්වා අපි තනියම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරමු කියලා කිව්වා. තවත් සමහරු කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙමු කියලා. තවත් සමහරු කිව්වා අපි කිසිවක් නොකර ඉමු කියලා. නිකම් හිටියොත් මොකද වෙන්නේ කොටසක් පොහොට්ටුවට යනවා. තවත් කොටසක් එජාපයට යනවා. අපිට උඩුගම් බලා පීනන්න බෑ. මහින්ද මහත්තයත් එක්ක තරහ වෙලා සජිත් මහත්තයට සහාය දීලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ” යැයිද ශ්‍රී ලංකා නිදහස්ප ක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මෙහිදී පැවසීය.

More News