ශ්‍රී.ල.නි.පය අනාතයි : රහස් ගිවිසුම් ‌දෙකකුත් ලීක් ‌වෙලා

ශ්‍රී.ල.නි.පය අනාතයි : රහස් ගිවිසුම් ‌දෙකකුත් ලීක් ‌වෙලා

පසුගිය ජනාධිපතිවරණයට පෙර අවබෝධතා ගිවිසුම් මගින් ඇතිකර ගත් එකඟතා මුළුමනින්ම නොසලකා හරිමින්,

ඉදිරි මහ මැතිවරණයේදී තම පක්ෂය දේශපාලනික වශයෙන් විනාශ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) නායකත්වය කටයුතු කරමින් සිටින බවට ශ්‍රීලනිපය චෝදනා කරයි.

තම පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර 2019 ඔක්තෝම්බර් මස 10 දා කොළඹ දී ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුම සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමග 2019 ඔක්තෝම්බර් 19 දා අත්සන් කරනු ලැබූ අවබෝධතා ගිවිසුමට අනුව, ඉදිරි මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත්වීම සඳහා පිහිටුවීමට යෝජනා වූ 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ගැන කතා පසෙකලමින්, මහ මැතිවරණයට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් විය යුතු බවට 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් කරන බලපෑම් හමුවේ ශ්‍රීලනිප නායකත්වය මේවනවිට අසරණව සිටියි.

එසේම, එම ගිවිසුම් ප්‍රකාරව පිහිටුවීමට යෝජනා වූ 'ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය' ව්‍යවස්ථා කෙටුම්පතට ප්‍රධාන පක්ෂ දෙකේ එනම්, ශ්‍රීලනිපයේ හා 'පොහොට්ටු' පක්ෂයේ නායකයින් දෙදෙනා සම නායකයින් ලෙස පත්කිරීමට ඇතිකර ගත් එකඟතාවයන් බැහැර කර ඇති 'පොදුජන පෙරමුණේ ' ප්‍රධානින් පවසා ඇත්තේ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සම නායකයකු ලෙස නම් කළ නොහැකි බවයි.

එලෙස අත්සන් කළ ගිවිසුම් රහසක්ව තබා ගැනීමට දෙපාර්ශවයේ ප්‍රධානින් එකඟවී තිබුන ද එම ගිවිසුම දෙකම මේවනවිට කිසියම් පාර්ශවයක් විසින් මාධ්‍ය වෙත මුදා හැර ඇත.

මේක මරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටකත් විනාශ කළ නොහැකි බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා සියලු දේශපාලන පක්ෂ පෙළ ගැසුණු බවයි.

වමේ දේශපාලන ව්‍යාපාර, සම සමාජ පක්ෂය , කොමියුනිස්ට් පක්ෂය හා දේශ විමුක්ති පෙරමුණ ඇතුළු දැවැන්ත පක්ෂ ගණනාවක් නිදහස් පක්ෂය පිටුපසින් පැමිණි බවත් අද වන විට එම තත්ත්වය ක්‍රමානුකූලව වෙනත් තැනකට තල්ලු වී ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒ නිසාවෙන් වෙනම පක්ෂයක් ලෙස ගොඩනැඟුනේ නැත්නම් වෙනත් පක්ෂයක අතකොලුවක් වී ඇත.

මහලේකම්වරයා පක්ෂය ගොඩනැගීමට යන විට ඔහුට චෝදනා එල්ල කරන බවත්, පක්ෂයේ නායකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරමින් පක්ෂය විනාශ කිරීමට උත්සහ දැරූ බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා එවැනි කරුණු මත “මරන්න පුළුවන් පක්ෂයක් නෙමෙයි මේක“ යනුවෙන්ද ඔහු පවසා සිටී

SLFP 2020.02.10

GR 2020.02.10