"මහින්ද මගෙන් ඇහුවා 'සර් දැන් මොකද කරන්නේ' කියලා - මහින්දලගේ මන්ත්‍රීධූර රැකුනේ මම නිසා" - සිරිසේන

"මහින්ද මගෙන් ඇහුවා 'සර් දැන් මොකද කරන්නේ' කියලා - මහින්දලගේ මන්ත්‍රීධූර රැකුනේ මම නිසා" - සිරිසේන

පසුගිය නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුව විසුරවා හැරි අවස්ථාවේ පොදුජන පෙරමුණ නියෝජනය කරන බහුතරයක් මන්ත්‍රීවරුන් තමන් ලඟට පැමිණ තමන්ගේ මන්ත්‍රීධූර ඇරක්ෂා කරදෙන මෙන් තමන්ට ආයාචනාකල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔවුන්ගේ මන්ත්‍රීධූර ආරක්ෂාවූයේ තමන් නිසා බවත්, එසේ ආයාචනාකළ උදවිය අද නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කර කතාකරන්නේ නම් තමන් එයට කිසිවිටකත් ඉඩනොතනබන බවත් සිරිසේන ජනාධිපතිවරයා පැවසීය.

ඔහුගේ මෙම ප්‍රකාශය මගින් පොදුජන පෙරමුණේ නියෝජිතයන්ට බරපතල අතුල් පහරවල් ගණනාවක් එල්ලකරනු ලැබීය. ජනපති පවසන ආකාරයට තමන් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරවා හැරියේ රාජපක්ෂ හිතවාදී කණ්ඩායමේ ඉල්ලීම මත බවයි.

"පාර්ලිමේන්තුව විසිරෙව්වට පස්සේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් ගිහින් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තා, එතනදි නිදහස් පක්ෂය ඔවුන්ගේ මන්ත්‍රීධූර අහිමිකරන්න හදද්දි මහින්ද රාජපක්ෂ මගේ ලඟට දුවගෙන ඇවිත් ඇහුවා සර් දැන් මොකද කරන්නේ කියලා, මම පස්සේ මේ ගැන නිදහස් පක්ෂයේ නායකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක වගේ අය එක්ක සාකච්ඡා කලා. ඔවුන් පවා කිව්වා මේ අය නිදහස් පක්ෂයේ හිටපු අය නිසා මන්ත්‍රීධූර අහිමිවෙන්න නොදී බේරගමු කියලා..ඒ අනුව තමයි එ.ජ.නි.ස මහලේකම් මහින්ද අමරවීර හරහා ලියුමක් කතානායකට යැව්වේ මේ අයගේ මන්ත්‍රීධූර අහිමිවෙන්නේ නෑ කියලා..නැත්නම් මහින්ද ඇතුලු පිරිසගේ මන්ත්‍රීධූරවත් ඉතිරිවෙන්නේ නෑ"

පොදුජන පෙරමුණේ ලොක්කන්ට මෙවැනි දේවල් මතකයේ තිබිය යුතු බවත්, එවැනි කැපකිරීම් වෙනුවෙන් නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කෘතවේදී වියයුතු බවත් සිරිසේන වැඩිදුරටත් සඳහන් කළහ. නමුත් පොදුජන පෙරමුණේ දෙවනි පෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම නිදහස් පක්ෂයට පහර දෙන බවත් එවැනි තත්වයක් යටතේ තමන්ට පාඩුවේ සිටින්නට බැරි බවද හෙතෙම අවස්ථා ගණනාවකදී සඳහන් කරන ලදි. 

'දැනගන්නට ලැබෙන විදිහට ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙක්ට 40% කට වඩා ඡන්ද ගන්න බෑ. ඒ නිසා ප්‍රධාන පක්ෂ දෙකටම නිදහස් පක්ෂය එක්ක සාකච්ඡා කරන්න වෙනවා. අපි එ.ජා.ප යට සහය දෙන්න සූදානමක් නෑ"

More News