ශ්‍රිලනිප‌ය ‌පොහොට්ටුව යළි කචල් : ගිවිසුමත් අවලංගු වන ලකුණු

ශ්‍රිලනිප‌ය ‌පොහොට්ටුව යළි කචල් : ගිවිසුමත් අවලංගු වන ලකුණු

ජනපතිදූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළද ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා නොදිය යුතු බවට පක්ෂය තුළ අභ්‍යන්තර සාක්ච්ඡා සිදුව ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් දැනටමත් ශ්‍රීලනිප ආසන සංවිධාකයින් විශාල පිරිසක් සමඟ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව සිටින බැවින් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට පොරොන්දු වූ ඇමතිකම් ඇතුළු තනතුරු ලබා නොදිය යුතු බවයි පොහොට්ටුවේ බහුතරයකගේ අදහස වී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණ ශක්තිය යෙදවීමට අපොහොසත් වීමත් පක්ෂ අභ්‍යන්තරයේ දැඩි කතා බහකට ලක්ව ඇතැයිද පක්ෂ අබ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එසේම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ වේදිකාවකට හෝ ගොඩවීමේ හැකියාවක් නොමැති ලෙස පොහොට්ටු පාක්ෂිකයින් විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කර ඇති නිසා ඔවුන් සමඟ මහමැතිවරණයකට එක්ව තරග කිරීමේ වුවමනාවක් නොමැති බවත් ඔවුන් තර්ක කර ඇතැයිද බව සඳහන් වේ.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ද දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමට ඔවුන් බලාපොරොත්තු වූ තනතුරු කිසිවක්ම නොලැබෙනු ඇත.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පොහොට්ටුව එළඹ නොමැති බව ද වාර්තා විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එක්වීමට විරෝධය පළකරමින් චන්ද්‍රිකා කුමාරතුංග සහ කුමාර වෙල්ගම ප්‍රමුඛ ශ්‍රීලනිපය සුරැකීමේ කණ්ඩායම ඉදිරි සතියේදී දිස්ත්‍රික්ක 14 ක රැස්වීම් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජය කළ යුතු බව ශ්‍රීලනිප සාමාජිකයන්ට පෙන්වා දීමට බලාපොරොත්තුවන බව එම කණ්ඩායමේ නියෝජිකයෝ කිහිප දෙනෙක් සති අන්ත පුවත්පතක් වන අනිද්දා සමග පවසා තිබේ.

More News