සජිත් දිනනවා ෂුවර් - වික්ටර් අයිවන්

සජිත් දිනනවා ෂුවර් - වික්ටර් අයිවන්

ගෝඨාභය රාජපක්‍ෂට ඇත්තේ පක්‍ෂයක සහායක් පමණක් වුවද සජිත් පේ‍්‍රමදාසට පක්‍ෂ පදනමට එහා ගිය පුළුල් ජන්ද පදනමක් රට පුරා ගොඩනැගී ඇති බව ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් පවසයි.

ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු පෙන්වා දෙයි.

ඊයේ (06) මහනුවර කැන්ඩියන් ආර්ට් රෙසිඩන් හෝටලයේ පැවැති ජනමාධ්‍ය වැඩමුළුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

සෙසු දේශපාලකයන්ට නොමැති දුප්පත් ජනතාවගේ ආකර්ෂණයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත තිබෙන අතර ශ්‍රී ලංකාවේ දුප්පත්, වාර්ගික හා කුල වශයෙන් පීඩිත විශාල ජනතාවක් සිටින බවත් ඔවුන්ගේ ස්වභාවයෙන්ම ආකර්ෂණය සජිත් ප්‍රේමදාස දිනා ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.