ඡන්දයක් තියන්න සජිත් රනිල්ට කියයි..

ඡන්දයක් තියන්න සජිත් රනිල්ට කියයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ එය මෙහෙයවීම සඳහා අවශ්‍ය සියලු බලතල ප්‍රජාතන්ත්‍රවාදීව දෙන්නට බැරි නම් කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම කැඳවා නායකත්වය පිළිබඳව ඡන්දයක් විමසන්නැයි සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.

ජනවාරි 2දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණගැසී ඇති අතර එහිදි එජාප නායකත්වය පිළිබඳව සාකච්ඡා වු අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා ඉහත යෝජනාව එජාප නායකයාට කර ඇත. එම සාකච්ඡාවට පැමිණ අයෙකුත් පක්ෂ නායකයන් එය අනුමත කළ බවද වාර්තා වේ.

මෙම සාකච්ඡාවේදී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ එජාප උපනායක රවී කරුණානායක ඉදිරි මැතිවරණ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහෙයවීම නොකළ යුතුයැයි පවසා ඇත. මෙහිදී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඉදිරි මැතිවරණයට යෑම , සජිත් ප්‍රේමදාස මහතාට සියලු බලතල සමඟ නායකත්වය ලබාදීම හා කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් නායකත්ව මණ්ඩලයක් නිර්මාණය කර ඒ ඔස්සේ ඡන්දයකට යෑම යන කරුණු තුන ගැන සාකච්ඡා කර ඇත.

එහිදී කිසිදු කරුණක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ නැති අතර මෙම පක්ෂ නායක සාකච්ඡාවට පළමු වරට සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වී තිබේ. එක්සත් ජාතික පෙරමුණේ සුළුතර පක්ෂ නයකයන් සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ , රවී කරුණානායක , රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරළ ආදි මහත්ම මහත්මීන් සහභාගිවී ඇත.

අනිද්දා