සජිත් ‌මෛත්‍රී හමුවක් : ‌ගෝඨා පාර්ශවය ‌නොසන්සුන්

සජිත් ‌මෛත්‍රී හමුවක් : ‌ගෝඨා පාර්ශවය ‌නොසන්සුන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස අද පැවැත්වෙන ආගමික වැඩසටහනක් සඳහා ද එකට සහභාගී වීමට නියමිත වාර්තා වේ.

2019 ජනාධිපතිවරණ සටන මේ වනවිට අතිශයින් තියුණු එකක් වී ඇති අතර කරට කර පවතින තත්වය වෙනස් කිරීමේ වැඩිම හැකියාව ඇති පුද්ගලයා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

එහෙයින්ම ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට දිනකට පෙර මෙසේ සජිත් ප්‍රේමදාස සහ ජනාධිපතිවරයා හමුවීමට තීරණය කිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන පාර්ශ්ව දෙකම දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර අරංචි මාර්ග පෙන්වා දෙයි.