ආණ්ඩුව කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කර නෑ : සති ‌දෙකක් තුළ ස්ත්‍රී දූෂණ 142ක්

ආණ්ඩුව කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කර නෑ : සති ‌දෙකක් තුළ ස්ත්‍රී දූෂණ 142ක්

කාන්තාවන් සඳහා සුරක්ෂිත රටක් බිහිකරන බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත් ආණ්ඩුව මාස එකහමාරක් තුළ රටේ කාන්තාවන් සහ දරුවන් දැඩි අනාරක්ෂිත තත්වයකට ඇද දමා ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි (එ.ජා.ප) රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

මන්ත්‍රිවරිය මේ බව ප්‍රකාශ කළේ රත්තොට කයිකාවල පිහිටි කාර්යාලයේදි පැවති මාතලේ දිස්ත්‍රික්කයේ කාන්තා ස්වේඡා සංවිධානවල නියෝජිතවරියන් පිරිසක් හමුවු අවස්ථාවේදිය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරිය පෙන්වා දුන්නේ මේ වන විට බඩු මිල අහස උසට නැග ඇති බවත් ඉන් වඩාත්ම පීඩාවට පත් වන්නේ කාන්තාව බවත්ය. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදි කතා කළ ආරක්ෂාව සනිපාරක්ෂාව ගැන වේදිකා ගානේ බෙරිහන් දුන් නිලියෝ හා අනෙකුත් පිරිස් අද වනවිට තනතුරු වරප්‍රසාද අරන් මේ පිළිබදව කාන්තාවන් ගැන දැන් වචනයක්වත් හෝ කතා නොකරන බවද මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

‍2020 වසරේ මුල් සති දෙක තුළ පමණක් ස්ත්‍රී දූෂණ 142ක්, බරපතළ ලිංගික අපයෝජන 42ක් සහ ළමා අපයෝජන 54ක් වාර්තා වී ඇති බව වගකිමෙන් ප්‍රකාශ කරන බවත් මෙවැනි තත්වයක් තුළ කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාන්තා සංවිධාන ඉදිරියේදී රජයට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර ඇති බවද ඇය පවසා සිටී.