රන්ජන්ට ඇප

රන්ජන්ට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මීට සුළු මොහොතකට පෙර ඇප ලබා දී තිබේ.

මන්ත්‍රීවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් පෙනී සිටි අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ රන්ජන් රාමනායක ඇප ලබා දීමෙන් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවයි.

කෙසේවෙතත් එවැනි මහජන කැළඹීමක් ඇති විය හැකි බවට සාධක නොමැති බව පවසා මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරයාට ඇප නියම කර ඇත.

ආන්දෝලනාත්මක හඬ පට මුල්කරගනිමින් මන්ත්‍රීවරයා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.