මාව ගන්න පක්ෂ ගණනාවක් බලාගෙන ඉන්නවා - රන්ජන්

මාව ගන්න පක්ෂ ගණනාවක් බලාගෙන ඉන්නවා - රන්ජන්

දින කිහිපයකට පෙරාතුව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කලේ ඉදිරි මහමැතිවරණයේදී එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකට නාම යෝජනා ලබානොදීමට එ.ජා.ප ය තීරණය කර ඇති බවය. පක්ෂයේ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය වැනි හේතු නිසා අවස්ථා ගණනාවකදී එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහගේ උදහසට රන්ජන් ලක්වූ බව නොරහසකි.

'මට දැනටමත් පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබිලා තියනවා. සරත් මනමේන්ද්‍ර, සුසිල් කිඳෙල්පිටිය වගේ කුඩා පක්ෂ නායකයෝ පවා බොහොම ඉක්මණින් මට ආරාධනා කළා ඔවුන්ගේ පක්ෂ එක්ක එකතුවෙලා මැතිවරණයට ඉදිරිපත්වෙන්න කියලා. මට එ.ජා.ප යෙන් නාම යෝජනා නොලැබුණොත් මට ඒ ආරාධනාවන් බාරගන්න සිද්ධවේවි. ඒත් තාම පක්ෂය මට නිළ වශයෙන් මට නාම යෝජනා දෙන්නේ නෑ කියලා දන්වලා නෑ'

දින කිහිපයකට පෙර පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේද රන්ජන් රාමනායකට නාම යෝජනා ලබා නොදීමට පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවය.එහෙත් එ.ජා.ප මහලේකම්වරයා තවමත් මේ පිළිබඳ නිළ ප්‍රකාශයක්ද සිදුකර නැත.

'මට පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ නායකතුමා මුණගැහුණු වෙලාවක එතුමා කිව්වා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඇවිත් එතුමාට කිව්වා කියලා මාව එ.ජා.ප යෙන් එළවන්න කියලා. ඒ මන්ත්‍රීවරුන් කරපු දේවල් මම හොඳට දන්නවා. එක්කෙනෙක් ඉන්නවා ගම්පහින් ආපු කෙනෙක්. මම එයාලගේ වැරදිවලට විරුද්ධව කතාකරද්දි තමයි මට විරුද්ධව පක්ෂයේ නායකත්වයට කේලම් කියන්නේ. මොකද එයාලා දන්නවා මම ඡන්දෙ ඉල්ලුවොත් එයාලට ඇපත් නෑ කියලා'

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් අතර, නීති ප්‍රවේශ විභාගය සඳහා ඉංග්‍රීසි භාෂාව සමත්ව තිබීම සුදුසුකමක් වීම එයට හේතුව වේ.