රනිල් ඉල්ලා අස්වෙයි - විපක්ෂ නායක සජිත්?

රනිල් ඉල්ලා අස්වෙයි - විපක්ෂ නායක සජිත්?

අගමැති රනිල් වික්‍රමසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. නව ජනාධිපතිවරයාට ඔහුගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා රජය පිහිටුවීමට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එ.ජා.ප යේ බහුතරයකගේ ඉල්ලීම විය.

ඒ අනුව හෙට (21) නිළ වශයෙන් අගමැතිවරයා සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතය. එමෙන්ම මේ වනවිට විපක්ෂ නායකධූරය සම්බන්ධයෙන් ද මතභේදාත්මකතත්ත්වයක් උද්ගතව ඇති අතර එ.ජා.ප පාර්ලිමේන්තුමන්ත්‍රීවරුන් පිරිසක් එම ධූරය සජිත් ප්‍රේමදාස ට ලබාදිය යුතු බවට යෝජනා කර තිබේ.

නමුත් මේ වනතෙක් රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය තවමත් ප්‍රකාශයට පත්කර නැත. එසේම එ.ජා ප නායකත්වයෙන් ද රනිල් වික්‍රමසිංහ ඉවත්කිරීම සදහා මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාව දක්වමින් සිටිති.