විධායකය අහෝසි කරන්නට ගිය රනිල්ගේ කල්ලිය ඇණ ගනී - අපේක්ෂකධූරය ගැන කතාවත් නවතී

විධායකය අහෝසි කරන්නට ගිය රනිල්ගේ කල්ලිය ඇණ ගනී - අපේක්ෂකධූරය ගැන කතාවත් නවතී

ඊයේ(19) සවස හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණු අතර එහි ප්‍රධානතම අරමුණවී තිබුණේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාවක් සම්මත කරගැනීමය. මෙම යෝජනාව ප්‍රධාන වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ඇතුළු කල්ලියේ වුවමනාව මත ඉදිරිපත්වූවක් වන අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද යන යකා කොරහත් බිඳගෙන යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම යෝජනාවට කොළ කොඩිය වනා තිබූ බව වාර්තා විය.

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් ප්‍රධාන පෙළේ මැතිවරණ පොරොන්දුවක් වන අතර එහි දිගුවක් ලෙස 2015 අගෝස්තු මැතිවරණයේදී එ.ජා.ප ය විසින්ද එකී සටන් පාඨය නැවතත් මකුළු දැල් කඩා භාවිතයට ගෙන තිබිණි. නමුත් සිදුවූ එකම දෙය නම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් විධායකයේ බලතල යම්කිසි ආකාරයකට සීමා කිරීමක් පමණකි. එවැනි තත්වයක් යටතේ දැන් විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමටනම් පාර්ලිමේන්තුවේ 2/3 ක එකඟතාවය එයට හිමිවිය යුතුය.

කෙසේ නමුත් ජනාධිපතිවරණයක් ප්‍රකාශව තිබියදී විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට එරෙහිව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය දැඩි විරෝධයක් දක්වා තිබිණි. සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් කැබිනට් රැස්වීම තුලදීද ඉතා දැඩිලෙස එයට විරෝධය දක්වමින් ප්‍රකාශකර ඇත්තේ අවසන් මොහොතේ විධායක තනතුර අහිමිකීරීම හුදෙක්ම දේශපාලනික කුහකත්වය මිස සැබෑ ලෙස පොරොන්දු ඉටුකිරීමේ වුවමනාව නොවන බව සඳහන් කරමින්ය.

එයින් දැඩිලෙස කෝපයට පත් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් අතරමගදී පිටව ගොස් ඇති අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා 'හොඳ පුතා' වීමේ උත්සහයක නිරතවී ඇත. නමුත් මෙම රැස්වීමෙන් පසුව මෙම යෝජනාවට විරුද්ධත්වය දැක්වූ ඇමතිවරුන් ප්‍රකාශ කර තිබුණේ මෙය හුදෙක්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ වුවමනාව මත ඉදිරිපත්වූ යෝජනාවක් බවත් මේ සඳහා පෙළඹවීම කරඇත්තේ ඔහුගේ ගජමිතුරු කල්ලිය බවත්ය.

එළඹෙන බදාදා (25) දින එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා පත්කිරීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇති වටපිටාවක එම තනතුර වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාවද කසල ගොඩට විසීවී ඇත. එසේම සජිත් ප්‍රේමදාසට සුළු පක්ෂවල සහය හිමිව ඇති මොහොතක ඊයේ සාකච්ඡාවකට එක්වෙමින් යම් හෙයකින් එ.ජා.ප අපේක්ෂකත්වය නොලැබුණහොත් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇත.

More News