ඇමතිවරුන් ගණනාවක් ඉල්ලා අස්වෙයි - රනිල් ඉල්ලා අස්නොවෙයි..!

ඇමතිවරුන් ගණනාවක් ඉල්ලා අස්වෙයි - රනිල් ඉල්ලා අස්නොවෙයි..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගැනීමෙන් අනතුරුව එම ජනවරමට හිසනමමින් ඉතා නිහතමානීව පරාජය භාරගන්නා බව නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ(17) ප්‍රකාශ කරනු ලැබීය. එසේම එය භාවිතාවෙන් පෙන්වාදෙමින් සාම්ප්‍රදායිකව මැතිවරණ කොමිෂන් සභාවේ පැවැත්වෙන මාධ්‍ය හමුවටද සහභාගීවෙමින් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය ලැබූ ගෝඨාභය රාජපක්ෂට සුබ පැතුම් එක්කල අතරම, කිසිඳු පක්ෂයක කිසිඳු සාමාජිකයෙක්ට හිරිහැරයක් නොවන ලෙස කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිනු ලැබීය.

එසේම නිළ ලිපියක් මගින් සිය අමාත්‍යධූරයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ උපනායක තනතුරින්ද සජිත් ප්‍රේමදාස ඉල්ලා අස්වුණේ පරාජයේ වගකීම නිහතාමානීව භාරගනිමින් ය. ඒ අනුව යමින් සජිත් ප්‍රේමදාස සමග මේ මැතිවරණය පුරාවටම ඉතා සමීපව කටයුතු කරනු ලැබූ මුදල් අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අමාත්‍ය කබීර් හෂීම් තනතුරුවලින් සහ පක්ෂයේ ඔවුන් දරණ තනතුරුවලින්ද ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. එසේම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ඉතා කිට්ටු කැබිනට් අමාත්‍යවරයෙක් වන රුවන් විජේවර්ධනද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු සිදුකර ඇත. එපමණක්ද නොව අමාත්‍ය පාඨලී චම්පික රණවකද සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව අද උදෑසන ප්‍රකාශ කර තිබේ.

එවැනිට වටපිටාවක් තුල ඊයේ අගමැති රනිල් සහ අමාත්‍යවරුන් කීපදෙනෙක් අතර පැවැත්වූ සාකච්ඡාවකදී මංගල, පාඨලී, හකීම් සහ නවීන් යන අමාත්‍යවරුන් රනිල් වික්‍රමසිිංහගෙන් ඉල්ලා ඇත්තේ ජනවරමට ගරුකරමින් ගෝඨාභයට නව රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදෙමින් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසයි. නමුත් මේ වනතෙක් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් යහපත් ප්‍රතිචාරයක් ලබාදී නොමැති අතරම ඔහු සහ මහින්ද රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී බල හුවමාරුවක් සඳහා එකඟතාවය පලවී ඇතිබවට නිළ නොවන තොරතුරක් ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩිලෙස රනිල් වික්‍රමසිංහට විරෝධය දක්වමින් සිටින අතර පක්ෂයේ නායකත්වය ඊළඟ පරපුරට ලබාදිය යුතු බවට ඔවුන් බලකරමින් තිබේ.