දුම්රිය වෘත්තිකයින් විරෝධතාවයේ

දුම්රිය වෘත්තිකයින් විරෝධතාවයේ

වසර 5කට වැඩි කාලයක් සේවය ස්ථිර නොකළ සේවකයින් 1500ක් ස්ථිර සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය අද(10) විරෝධතාවයේ නිරත විය.

දුම්රිය සේවයට 2014 සහ 2015 වසරවලදී අනියම්, ආදේශක, තාවකාලික, සහන සහ කොන්ත්‍රාත් යන පදනමින් බඳවා ගත් 1500ක් මෙතෙක් ස්ථිර නොකළ බවට චෝදනා කරමින්ය .

ඒ් අනුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය, මරදානේ පිහිටි දුම්රිය මූලස්ථානය සහ දෙහිවල දුම්රිය ස්ථානය අසළ සිය විරෝධතාවය ප්‍රකාශ කළ අතර සේවකයින් දෙදෙනෙක් දුම්රිය ස්ථානයේ වහළය මත නැඟ විරෝධතාවයේ නිරත වූයේය.

මෙම විරෝධතා මාලාව සඳහා දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය හා රත්මලාන දුම්රිය කම්කරු සමිතිය ද එයට සහය පළ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වු දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.බී. විතානගේ පවසා සිටියේ, මෙම පිරිස ස්ථීර කිරීම සඳහා නව චක්‍රලේඛන අවශ්‍ය නොවන බවයි.

අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් පැමිණි අතර, එහිදි ඔවුන්ගෙන් 5 දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමි විය.