බලෙන් කපාගත්ත පඩිය දෙන්න - තැපැල් සේවකයෝ ඉල්ලති!

බලෙන් කපාගත්ත පඩිය දෙන්න - තැපැල් සේවකයෝ ඉල්ලති!

තැපැල් සේවකයන්ගේ වැටුපෙන් කෝවිඩ් 19 අරමුදලට යැයි කියමින් කපාගන්නා ලද වැටුප් කොටස නැවත ලබාදෙන ලෙස ලංකා තැපැල් සේවක සංගමය එම අමාත්‍යංශය් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. එම සංගමයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකරන ලද ලිඛිත ඉල්ලීමක් මගින් එම අඩුකරන ලද වැටුප් කොටස නැවත ඉල්ලා තිබේ.

වසංගත රෝග තත්වය හේතුවෙන් මෙරට අනෙක් ජනතාව මෙන්ම තැපැල් සේවකයන්ද අපහසුවට සහ ආර්ථික ගැටුළුවලට මුහුණදෙමින් සිටින අතර, වසංගත තත්වය අතරතුර තැපැල් සේවකයින්ට අනාරක්ෂිත වටපිටාවක සේවා සැලසීමටද සිදුවූ බව සඳහන් කර තිබේ. එවැනි තත්වයක් යටතේ එකී සේවකයන්ගේ අප්‍රේල් මස මැටුපෙන් දිනක කොටස කෝවිඩ් 19 අරමුදලට බවට පවසමින්, තැපැල් සේවකයන්ගේ කැමැත්ත පලකිරීමකින් තොරව කප්පාදු කිරීමට තැපැල් සේවකයන් දැඩිසේ විරෝධය දක්වන බවද පවසා ඇත.

මෙම කප්පාදුව රජයේ පොදු තීරණයකට අනුව සිදුවී නැති බවත්, මෙය හුදෙක්ම තැපැල්පතිවරයාගේ පුද්ගලික තීන්දුවක් මත අත්තනෝමතිකව සිදුකරන ලද ක්‍රියාවක්වීම හේතුවෙන් වහාම එයට එරෙහිව පියවර ගෙන කප්පාදුකරන ලද වැටුප් කොටස නැවත ලබාදෙන ලෙසද එම සංගමය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.

96111944 656290018485929 4960237835861884928 n 1