වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත සටන අත්නොහරිති - අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත සටන අත්නොහරිති - අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත්කළ රිට් පෙත්සම දින තුනක් විභාග කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (04) දින නිශ්ප්‍රභ කිරීමට තිපුද්ගල විනිසුරු මණ්ඩලය ඒකමතිකව තීරණය කරන ලදි.

මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් වන අතර රාජපක්ෂ හිතවාදී පාර්ශවයන් ඔවුන් දෙදෙනාට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා දැඩිලෙස පහර ගසනු දක්නට ලැබිණි. එසේම අදාල තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ගෝඨාභයට සහය පළකරන පිවිතුරු හෙළඋරුමයේ මධුමාධව අරවින්ද ‘වියන්ගොඩ සහ එක්නැලිගොඩ’ දෙදෙනා සමාන කරමින් කිසියම් ආකාරයක අනතුරු ඇඟවීමක් කර තිබෙනු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

කෙසේ වෙතත් මෙවැනි තත්වයක් යටතේ අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවත පරික්ෂා කර බලන ලෙස ඉල්ලීම් කිරිමට සූදානම් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

එසේ පෙත්සමක් ඉදිරිපත්කර එය ශ්‍රේෂ්ඨාධිකරණයේදී නැවත විභාග කිරීමට තීරණය කළහොත් වෙනත් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේදී එම පෙත්සම සලකා බැලෙනු ඇත. යම් හෙයකින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද සහතික කළහොත් ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධ ගැටළුව ඉන් අවසන්වනු ඇත.

එහෙත් යම්හෙයකින් ශ්‍රේෂ්ටාධිකරණය විසින් ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැළුවක් ඇතිබව සනාථ කරමින් තීන්දුව ලබාදුන්හොත් එය ඔහුගේ මැතිවරණ අපේක්ෂකත්වයට මෙන්ම රටතුල රැඳී සිටීමට පවා බලපානු ඇත.

අභියාචනාධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කිරීමට දින 42 ක පමණ කාලයක් පෙත්සම්කරුවන්ට හිමිවන අතර, එම කාලය තුල ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ හැකිය. අභියාචනාධිකරණය විසින් අදාල පෙත්සම නිශ්ප්‍රභ කිරීමට හේතුවූ කරුණු අද(07) දැනුම් දීමට නියමිත වන අතර එම කරුණු මත පදනම්ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත්කිරීම සිදුකීරිමට නියමිත වේ.

More News