ඇප ඉල්ලුම නිශ්ප්‍රභා කරයි - පාඨලී 24 දක්වා රිමාන්ඩ්!

ඇප ඉල්ලුම නිශ්ප්‍රභා කරයි - පාඨලී 24 දක්වා රිමාන්ඩ්!

2016 දී රාජගිරියේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක එළඹෙන දෙසැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද (19) නියෝග කරනු ලැබීය. ඒ අනුව ඔහුගේ පාර්ශවයෙන් ඉදිරිපත්කරනු ලැබූ ඇප අයදුම මෙහිදී නිශ්ප්‍රභවීම සිදුවිය.

හිටපු අමාත්‍යවරයා ඊයේ සිය නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ ඔහු අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය. එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද පාඨලී චම්පික රණවක අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. ඔහු වෙනුවෙන් ඉදිරිපත්වූ ජනාධිපති නීතීඥ අන්ජුල ප්‍රේමරත්න විසින් ඉල්ලා සිටියේ හිටපු ඇමතිවරයාගේ විදේශ ගමන් තහනම් කර ඇති නිසා ඔහු රටින් පිටවීම සම්බන්ධයෙන් අවදානමක් නොමැති හෙයින් ඔහුට ඇප ලබාදෙන ලෙසය.

නමුත් එම ඇප ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේපකරනු ලැබීය.