පාඨලීට ඇප - රාජිතට රට ගමන් තහනම්!

පාඨලීට ඇප - රාජිතට රට ගමන් තහනම්!

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදාහරින ලදි. පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව හෙතෙම අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි. 

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී  තරුණයෙක් අනතුරකට ලක්කර පලායාමේ සිදුවීම පදනම් කරගෙන හිටපු ඇමතිවරයාට එරෙහිව නැවත ගොනුකරනු ලැබූ කරුණු මත පදනම්ව නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝගයක් මත අපරාධ පරීක්ෂණ අංශය විසින් හෙතෙම අත්අඩංගුවට ගනු ලැබීය. එම අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහිව සිදුකරන ලද බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් දැඩි විරෝධයක් දැක්වූ අතර කතානායකවරයාද ඒ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකර තිබිණී.

එසේම සුදු වෑන් මගින් පැහැරගත් බවට චෝදනා කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකරන ලද මාධ්‍ය හමුවක් පදනම් කරගෙන තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තෙවනි වරටත් ගොනුකරන ලද අපේක්ෂිත ඇප ඉල්ලුම සිදුකර තිබියදීත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පැනවීමට ඊයේ කටයුතු කරන ලදි.

More News