මම වියත්මගේ මුල් 10 අතර ඉන්නවා : ලංකාවේ කාන්තාවන්ට ලොකුවට ප්‍රශ්න නැහැ

මම වියත්මගේ මුල් 10 අතර ඉන්නවා : ලංකාවේ කාන්තාවන්ට ලොකුවට ප්‍රශ්න නැහැ

ටෙලි නාට්‍ය නිළි ඕෂධි හේවාමද්දුම ඉදිරි මහමැතිවරණය සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බවත් ඇයට එ් සඳහා ආරාධනය ලැබී ඇති බවත් යූ ටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබේ.

එහි අදහස් දක්වමින් ඇය පවසා තිබුනේ ඕෂධී කලා ක්ෂේත්‍රයට පැමිණිමට පෙර සිටම ඡන්දෙ ඉල්ලීමට කැමැත්තක් තිබුණු බවත් ඒ් සඳහා සඳලිය කලා ශිල්පී එකමුතුවක් පිහිටුවා සමාජ සේවා වැඩ වල යෙදුණු බවත්ය.

එමෙන්ම වියත් මග සංවිධානයේ මුල් 10 දෙනා අතර තමන්ද එක් සාමාජිකාවක් බව පවසන ඇය ශ්‍රී ලංකාවේ සිටින කාන්තාවන්ට ලංකාවේ කාන්තාවන්ට සම තැන ඕන නෑ. නිසි තැන තියනවා. ලොකු ලොකු ප්‍රශ්න කාන්තාවන්ට නොමැති බවත් උගත්කම අතින් ඉහණ තැනක ඉන්නවා. බවද පවසා තිබේ.

බොහෝ දෙනෙක් අය දික්කසාද වලට දෙවන විවාහ වලට ගිය බවත් තමන් ඒසේ නොවන බවද පුද්ගලික ජිවිතයේ කලමනාකරණය කරගන්නවා මෙන්ම දේශපාලනය කළත් එයද කළමනාකරණය කර ගැනීමට තමන්ට හැකි බව ඇය පවසා තිබේ.

තමන් තුළ මං ගාව යම් යම් අදහස් හා දැක්මවල් ඇති බව පවසන ඇය මෙසේද පවසා තිබේ.

දැන් කිරිපිටි එක විසයි කියනවා නම් අපි බොන්නැතිව ඉඳල හරියන් නෑනේ. ඒකට විකල්ප හොයන්න ඕනේ. මං මේ දවස්වල දැක්කා මුරුංගා කොල වල තියනවා කිරිපිටි වගේ තිස් ගුණයක ගුණ අන්න ඒවගේ විකල්ප ක්‍රමවේදයක් අපි බලන්න ඕන. හැබැයි උදේට මුරුංගා කොළ තම්බ තම්බ ඉන්න බෑනේ අපේ ගෘහණියට අපි කිරිපිටි වලට මොනවා හරි ආදේශකයක් යොදාගන්න ඕන ඒ පෝෂ්‍ය ගුණයට විකල්පයක් දෙන්න. මං ඒ කිව්වේ මගේම අදහසක් .