1000 ගැන අලුත් කතාවක්..!

1000 ගැන අලුත් කතාවක්..!

වතු සමාගම් රු 1000 වැටුපක වතු කම්කරුවන්ට ලබා දිමට නොහැකි බව,

රජයට පවසා සිටියදිත් වතුකරය නියෝජනය කරන වතුකරයේ අමාත්‍යයවරයෙක් තවදුරටත් වතු කම්කරුවන්ව මුලා කරමින් ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බව කඳුකර සහෝදරත්න ව්‍යාපාරය පවසයි.

ඊයේ (06දා) හැටන් නගර සභා ශාලාවේදි මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා වතු කම්කරු සංගමය මේ බව පවසා සිටියේය.

එමෙන්ම මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නා ශක්තිමත් රජයක් තුලින් වතු කම්කරුවන්ට රුපියල් දහසක් ලබාදෙන බවට පවසා එලඹෙන මහ මැතිවරණයේදි වතු කම්කරුවන්ගේ ජන්දය ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් මේ වන විට වතුකරයේ ඇමතිවරයෙක් දියත් කරමින් සිටින බවටද එම සංගමය චෝදනා කර සිටියි.

කෙසේවෙතත් වත්මන් රජය වතු කම්කරුවන්ට මාර්තු 01 දින සිට ලබා දෙන බවට පොරොන්දු වූ රු.1000ක දිනක වැටුප ලබා දෙන ආකාරය පිළිබඳව රජය විසින් වතු කම්කරුවන්ට පැහැදිලි කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

එමෙන්ම කම්කරුවෙකුට රුපියල් දහසක් ලබා දීම සම්බන්ධයෙන් වතු සමාගම් සමග පැවැත්වූ සාකච්ඡාවල ප්‍රගතිය වතු කම්කරුවන්ට පැහැදිලි කල යුතු බව ඔවුන් පෙන්වා දෙයි.