සජිත්ට අපේක්ෂකත්වය නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා - නලින්

සජිත්ට අපේක්ෂකත්වය නොදුන්නොත් ඉල්ලා අස්වෙනවා - නලින්

එක්සත් ජාතික පක්ෂය විසින් සජිත් ප්‍රේමදාසට එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් තමන් තනතුරුවලින් ඉල්ලා අස්වී නැවතත් සුපුරුදු වෘත්තීය වූ ගුරුවෘත්තියට යන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස යනු එ.ජා.ප ය ජයග්‍රහණය කරවිය හැකි එකම අපේක්ෂකයා වීම නිසාවෙන් අනිවාර්යයෙන්ම සජිත්ට අපේක්ෂකත්වය ලබාදිය යුතුබව නලින් බණ්ඩාර දැඩිසේ අවධාරණය කර සිටියි.

"මිනිස්සු ඉතාම පැහැදිලිවම කියන කතාව තමයි සජිත් අපේක්ෂකයා වුනොත් අනිවාර්යයෙන්ම දිනනවා කියලා. සජිත් වෙනුවට වෙන කවරු ඉදිරිපත් කළත් එ.ජා.ප යට පරාජය සහතිකයි. මට බෑ අපේ ජනතාවගෙන් බැණුම් අහන්න තවත් පරාජයක් සම්බන්ධයෙන්. ඒ නිසා සජිත් අපේ්ක්ෂකයා නොකළොත් මම පුරුදු ඉගැන්වීම කරගෙන ඉන්න ඉල්ලා අස්වෙනවා, මොකද ඒක හොඳයි පරාදවෙන ඡන්දෙකට මහන්සිවෙනවට වඩා"

විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු කියා සිටින්නේ එය "ළදරු උත්සහයක්" බවත් එය හුදෙක්ම සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය හිමිවීම සහ ජයග්‍රහණය වැළැක්වීම උදෙසා ගන්නට උත්සහකළ තීරණයක් බවත් ය.

More News