ගල්කිස්ස වෙරළේ මහජන මුදල් මිලියන සිය ගණනක් මුහුදට සේදෙයි!

ගල්කිස්ස වෙරළේ මහජන මුදල් මිලියන සිය ගණනක් මුහුදට සේදෙයි!

මීට මාස කිහිපයකට පෙරාතුව ගල්කිස්ස මුහුදු වෙරළ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ රුපියල් මිලියන ගණනක් වැය කරමින් ගල්කිස්ස මුහුදු වෙරළට වැලි පිරවීමට කටයුතු කළ නමුත් මේ වනවිට ඉතා ඛේදනීය ලෙස එම වැලි ස්ථර ඛාදනය වී ගොස් සම්පූර්ණනේම විනාශයට පත්ව ඇති ආකාරය දක්නට ලැබේ. රුපියල් මිලියන 889ක් ඇස්තමේන්තුගත වියදමක් සහිත වෙරළ සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇත්තේ ඩෙන්මාර්ක් සමාගමකට බවද දැනගන්නට ලැබේ.

කෙසේ වෙතත් දකුණු කොළඹ වැලි පෝෂණ ව්‍යාපෘතිය නම් වැඩසටහන යටතේ ගල්කිස්ස, ඇඟුලාන මෙන්ම කළුතර කැලිඩෝ වෙරළ තීරයද මෙලෙස වැලි පුරවා සංවර්ධනය කරන බවට රජය පවසමින් මාස කිහිපයකට පෙර ස්වාභාවික වෙරළ තීරයන්ට වැලි පොම්ප කිරීම ආරම්භ කරන ලදි. එය ඒ දිනවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර, රජයේ පාර්ශවයෙන් මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවද පැවසූවේ මෙය කෘතිමව වෙරළ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රමවේදයක් බැවින් වැලි පොම්ප කිරීමෙන් අනතුරුව මෙකී වෙරළ තීරයන්හි සුන්දරත්වය තවත් වර්ධනය වනු ඇති බවය.

එහෙත් මාස කිහිපයකට පසුව සුන්දර වෙරළ තීරයන්හි වැලි ඛාදනයවී ඉතා අසුන්දර මෙන්ම විශාල පාරිසරික විනාශයක්ද ඇතිව ඇතිව තිබේ. දැන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ මෙය අදාල ක්‍රමවේදය නිසා ඇතිවන තත්වයක් බවය. ගල්කිස්ස වෙරළ තීරය යනු අතීතයේ සිටම ලංකාවේ ඉතා සුන්දර වෙරළ තීරයකි. යටත් විජිත සමයේ පවා මෙම සුන්දර වෙරළ තීරය පිළිබඳ මුළු මහත් යුරෝපාකරයම උමතුවකින් මෙන් සංචාරයට පෙළඹිනි. අද පවා වසරකට සංචාරකයින් විශාල ප්‍රමාණයක් ගල්කිස්සට පැමිණෙන්නේ වෙරළේ අසිරිය විඳගන්නටය.

එහෙත් මෙවැනි අක්‍රමවත් මෙන්ම ස්වාභාවික සුන්දර්ත්වය ඉක්මවා කරන කෘතිම සංවර්ධන උත්සහයන් නිසා ලංකාවට තවත් සුන්දර වෙරළ තීරයක් මෙන්ම ඉතා පොහොසත් පාරිසරික කලාපයක් අහිමිවීමේ අවදානම මතුව තිබේ. වැඩකරන විරුවන් නමින් නම් පටබැඳ ඇති නායකයන්ට මේවා සන්නිවේදනය කළ යුත්තේ පත්තරයකින් ද, නැතිනම් වෙනත් මාධ්‍යයකින්ද යන්න දැන් සොයාගත යුතුව ඇත.

Watch Now >> නින්දට පෙර මේවා නොකළොත් ඔබේ කසාදයත් ඉක්මණට ඉවරවෙයි! (වීඩියෝ)