වඳකතා නාඩගම රාජපක්ෂ කඳවුරේ වැඩක් : අලි සබ්‍රි පිළිගනී

වඳකතා නාඩගම රාජපක්ෂ කඳවුරේ වැඩක් : අලි සබ්‍රි පිළිගනී

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි විසින් සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි චෝදනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන නීති උපදේශක මොහොමඩ් අලි සබ්‍රි විසින් පිළිගෙන තිබේ.

"සියලු අන්තවාදීන් හා ජාතිවාදීන් පරාජය කලයුතුය. විවිධත්වය ශක්තියක් කරගතයුතුය. මානසික රෝගීන්ට පුතිකාර කලයුතුය!" යනුවෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔහු විසින් කළ සටහනක්

තුළ ඇතිවූ සංවාදයකදී සාෆි නාටකය දේශපාලන වුවමනාවක් මත සිදුවූ ක්‍රියාවක් මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂවලට වඩා පොහොට්ටුව තුළ අන්තවාදීන් සිටින බවත් ඔහු විසින් පිලිගෙන තිබේ.

කෙසේවෙතත් වෛද්‍ය සාෆිගේ සිද්ධිය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළමුවරට පළ කළේද මහාචාර්ය චන්න ජයසුමන විසින්ය.

චන්න ජයසුමන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනුවෙන් ගල්නෑව ප්‍රාදේශීය සභාව සදහා පසුගිය පුංචි ඡන්දයේදී නාම යෝජනා බාර දුන්නේය.

 More News

image 2f4f583783

image 400e993874