මහ මැතිවරණයේදී සුළු පක්ෂ එකට..

මහ මැතිවරණයේදී සුළු පක්ෂ එකට..

ඉදිරි මහමැතිවරණයේදී ඇතිවී තිබෙන නව දේශපාලන තත්ත්වය තුළ දෙමළ සහ මුස්ලිම් දේශපාලන වෙනම සන්ධානයකින් තරග වැදීමට සුදානම් බව වාර්ථාවේ.

ජනවාරි 1දා පස්වරුවේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කොළඹ රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේ දී හමුවී සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව පැවති කතාබහ තුළ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉහත කී යෝජනාව පිළිබඳව අදහස් දක්වා ඇත. ද්‍රවිධ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඇතුළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ එකම ලකුණක් යටතේ එකට එක්ව තරග කරන්නට අදහස් කරන බව ඔහු පවසා තිබේ.

මෙලෙස තරග වැදීමේ අරමුණ වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීම බව දැනගන්නට ලැබෙන අතර අවසානයේ ඔවුන් පාර්ලිමේන්තුව තුළ එජාපයට සහාය දැක්වීමට සුදානම් බවද දැනගන්නට ලැබේ. එක්සත් ජාතික පක්ෂයට සිංහල ජනතාව අතර අඩු ජනප්‍රියත්වයක් පැවතීමද දෙමළ හා මුස්ලිම් පක්ෂ වෙනම තරග කිරීමට හේතුවක් වී තිබේ. එමගින් එක්සත් ජාතික පක්ෂයට සිංහල ජනතාව ඉලක්ක කරගත් මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වී තිබේ.

අනිද්දා