අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් තලන්ගම රෝහලට ඇතුළුත් කරන අවස්ථාවේදී ඔහු මියගොස් සිට ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මිය යන විට ආරුමුගම් තොණ්ඩමන් මහතා 55 වන වියේ පසු විය.

ඔහුගේ දේහය මේ වන විට තලන්ගම රෝහලේ තැන්පත් කර ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.