මෛත්‍රී, ශ්‍රිලනිප සභාපති ධූරයෙන් අස් වන්නේ නෑ

මෛත්‍රී, ශ්‍රිලනිප සභාපති ධූරයෙන් අස් වන්නේ නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නැති බවත්මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාර්ශිකව කටයුතු කිරීමට සූදානම් බවත් වාර්තා වේ.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම අවසන්වනතෙක් එනම්, නොවැම්බර් 18 දා දින දක්වා පමණක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර ඇති බවත් ශ්‍රීලනිපයේ දේශපාලනය ආරංචිමාර්ග පේනවා දෙයි.

මෛත්‍රිපාල සිරිසේන ශ්‍රිලනිප සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූ බවට සමාජ ජාල ඔස්සේ විවිධ කටකතා වාර්තා වුවද එම ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යය බව ශ්‍රීලනිප නිල වෙබ් අඩවියේ ද සඳහන් වේ.

More News