මහින්ද රාජපක්ෂ මාව මරණවා කිව්වා : සජින් වාස්

මහින්ද රාජපක්ෂ මාව මරණවා කිව්වා : සජින් වාස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වුවමනාව මත තමන්ව ඝාතනය කිරීමේ සූදානමක් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන පවසයි.

අද(05) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගුණවර්ධන මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ සමීප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම බිරියට දුරකතන ඇමතුමක් දෙමින් තමාව ඝාතනය කරන බවත්, තම දරුවන්ද ප්‍රවේශම් කරගත යුතු බවත් දැනුම් දුන් බව ඔහු වැඩිදුටත් පවසා සිටී.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරයාට තමන් නැවත දුරකතන ඇමතුමක් ගත් බවත්, එහිදී තහවුරු වූයේ එක්සත් ජාතික පක්ෂයට හිතවත්ව කටයුතු කිරීම හේතුවෙන් තමාව ඝාතනය කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

මෙම දුරකතන සංවාදයෙන් පසුව සජින් ද වාස් ගුණවර්ධන එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති අතර, මාධ්‍ය හමුවේදී ඔහු එම ලිපියද මාධ්‍යයට ඉදිරිපත් කිරීමට කළේය.

එම ලිපියෙන් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමාව ඝාතනය කළද, තම දරුවන්ගෙන් පළි නොගන්නා ලෙසයි. මරණ තර්ජන හමුවේ තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත්, තමාගේ අපේක්ෂාව එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි.

More News