අළුත්ගමදී ආබාධිත දරුවෙක්ට පහරදුන් පොලීසියට එරෙහිව සමාජ මාධ්‍ය විරෝධතා!

අළුත්ගමදී ආබාධිත දරුවෙක්ට පහරදුන් පොලීසියට එරෙහිව සමාජ මාධ්‍ය විරෝධතා!

අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ මාර්ග බාධකයක රාජකාරියේ යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වයස අවුරුදු 14ක ඕටිසම් රෝගයෙන් පීඩාවිඳින දරුවෙක්ට පහරදෙන ආකාරය ඇතුලත් වීඩියෝවක් පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුල වේගයෙන් පැතිර ගිය අතර, එම සිදුවීමට එරෙහිව වහාම නීතිමය පියවර ගනිමින් අදාල දරුවාට සාධාරණය ඉල්ලා සමාජ මාධ්‍ය තුල විරෝධතා මතුව තිබේ.

සීසීටීවී දර්ශන වලින් පෙනී යන ආකාරයට අදාල දරුවා කිසිවෙකු විසින් හෝ බලහත්කාරයෙන් මාර්ගය අසලදි අල්ලාගෙන පොලිස් මාර්ග බාධකය වෙත පැමිණෙන අතර එහිදී පොලිස් නිලධාරීන් විසින් සහ ඒ අසල සිටින කිහිප දෙනෙක් විසින් දරුවාට දරුණු ලෙස පහරදෙන ආකාරය පැහැදිලිව දැකගත හැකිය. මෙම සිදුවීමට සම්බන්ධ වීඩියෝව ට්විටර් සමජා ජාලයට නිකුත් කර තිබූ අතර එහිදී දැඩිලෙස මෙම සිදුවීමට විරෝධතා මතුවී ඇත.

අදාල දරුවා කාලයක පටන් ඕටිසම් රෝගයෙන් පීඩා විඳින ආබාධිත දරුවෙක් බවත්, මෙකී පහරදීම කිසිසේත්ම අනුමත කල නොහැකි එකක් බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අදහස් දක්වමින් කියා සිටියි. 

මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය මැයි මස 25 වැනිදා වන අතර ජනාධිපතිවරයා විසින් රටේ ආරක්ෂාව උදෙසා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමත් සිදුවූ වකවානුවක මෙවැනි දේ සිදුවීම අනුමතකල නොහැකි බව ඔවුන් සඳහන් කරයි.

 

ඇමරිකාව තුලද නිරායුද කළු ජාතිකයෙක්ට පොලීසිය විසින් හිංසාකිරීම සහ ඒ අතරතුර ඔහු මියයාම පදනම් කරගෙන දැඩි විරෝධතා කෝලාහල මට්ටමට පත්ව ඇති වාතාවරණය මෙරට පොලිසීය ඉන් නිදසුන් ලබාගෙන අවබෝධයෙන් කටයුතු කල යුතු බවත්, වහාම මෙයට විරුද්ධව පියවර ගෙන ආබාධිත දරුවාට සාධාරණය ඉෂ්ට කරන ලෙසත් විරෝධකරුවන් ඉල්ලා ිසටියි.