හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි ! – ගෝඨාභය

හමුදාවට නායකත්වය දුන්නේ මම නෙමෙයි ! – ගෝඨාභය

අද(15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තමන් යුද්ධයට නායකත්වය ලබා නොදුන් බව ගෝඨාභය රාජපක්ෂ පවසයි. 

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හින්දු පුවත් පතේ මාධ්‍යවේදිනියක් වන මීරා ශ්‍රී නිවාසන් විසින් ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ “ඔබ විසින් නායකත්වය ලබා දුන් යුද්ධය පැවතී කාලය අතරතුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි එහිදී ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේ ශ්‍රී ලංකා යුධ හමුදාවට නායකත්වය ලබා දුන්නේ තමන් නොවන බවයි.

නැවත මාධ්‍යවේදිනිය ප්‍රශ්නයක් නඟමින් විමසා සිටියේ, “එසේනම් ඔබගේ සොහොයුරා වන මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් යුද්ධය පැවතී කාලය අතර තුරදී අත් අඩංගුවට ගත් හෝ හමුදාවට භාරවුන LTTE ත්‍රස්තවාදීන්ට සිදු වුයේ කුමක්ද?” යන්නයි.

එවිට ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ යුද්ධයට නායකත්වය දුන්නේ තමන් හෝ තම සහෝදරයා නොව එයට නායකත්වය ලබා දුන්නේ එවකට හමුදාවේ සිටි හමුදාපති බවයි.

කෙසේ වෙතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ එම පුද්ගලයින් සිටි තත්වය හඳුනාගෙන මාස 2ක, මාස 6ක, හා අවුරුදු 2ක ලෙස කාල සිමාවන් වලදී පුනරුත්ථාපනය කර නැවත සමාජ ගත කල බවයි.