ලංකාවටම ඇඳිරි නීතිය පනවයි..

ලංකාවටම ඇඳිරි නීතිය පනවයි..

අද(20) පස්වරු 6.00 සිට සඳුදා පෙ.ව 6.00 දක්වා දිවයිනටම බලපාන ලෙස ඇඳිරි නීතිය පැනවීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ අනුව අදාල කාලය තුල සියලුම ගමන් බිමන් වලින් වැලකී නිවෙස්තුලට වී කාලය ගතකරන ලෙස රජය මහජනතාවට දැනුම් දෙයි. එම පියවර අනුගමනය නොකරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර අනුගමනය කරනු ඇත.

පසුගිය දින දෙක තුල පුත්තලම, කොච්චිකඩේ සහ ජා-ඇල, වත්තල යන ප්‍රදේශවලට පමණක් ඇඳිරිනීතිය පැනවීම සිදුකල අතර අද දින දිවයිනටම බලපාන ලෙස ඇඳිරි නීතිය පනවා තිබේ. වර්ධනය වෙමින් පවතින කොරෝනා වෛරස් තත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.