රන්ජන් බදාගත් පොලිස් OIC ට විරුද්ධව පරීක්ෂණයක්!

රන්ජන් බදාගත් පොලිස් OIC ට විරුද්ධව පරීක්ෂණයක්!

පසුගියදා මාදිවෙල මන්ත්‍රී නිවාසයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම වැටලීම බාරව කටයුතු කළ මිරිහාන පොලිස් ස්ථානයට අනුයුක්තව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා අදාල පියවර ගැනීමේ සූදානමක් පිළිබඳ පොලිස් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. මේ සඳහා නියෝග ලබාදී ඇත්තේ බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්ය.

අදාල සෝදිසි කිරීම සිදුකරන ලද අවස්ථාවේ කොළඹ දකුණ අපරාධ කොට්ටාශයේ පොලිස් නිලධාරීන් විසින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහුට මාංචු දමන අවස්ථාවේ ඔහු විසින් අදාල පොලිස් පරික්ෂකවරයා වැලඳගන්නා ආකාරය මාධ්‍ය විසින්ද ප්‍රචාරය කරන ලදි. එකී වැළඳගැනීමට විරෝධය දැක්වීම හෝ ප්‍රතික්ෂේප නොකිරීම යන කරුණු පදනම් කරගෙන අදාල පොලිස් නිළධාරියාට එරෙහිව විනය පියවර ගැනීමේ සූදානමක් මතුව තිබේ.

පොලිස් පරික්ෂක ජයන්ත සිල්වා මෙලෙස විනය පරික්ෂණයකට ලක්කිරීමට නියමිතව තිබේ. මෙවැනි තත්වයක් යටතේ ඉදිරියේදී ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඉතා අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කිරීමට සිදුවනු ඇත.